යුනෙස්කෝ සිතුවම් දෙවැනි වටයේ තරගය දා...

2024 මැයි මස 04 ප.ව. 09:50 - {{hitsCtrl.values.hits}}  

ආසියානු රටවල ළමයින් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද පැවැත්වුණි. ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කළ සිතුවම් තරගයේ තෝරාගත්  නිර්මාණාත්මක චිත්‍ර 300 ක් දෙවනි වටය සඳහා තෝරා ගත් අතර නිර්මාණ 300 සඳහා ත්‍යාග සහ සහතික පිරිනැමීම රාජගිරිය ජනාධීපති විද්‍යාලයේ දී  යුනේස්කෝ සභාවේ ලේකම් ජනරාල් ප්‍රේමලාල් රත්නවීර මහතාගේ මෙහෙය වීමෙන් පැවත්වුණි. මේ අතරින් තෝරාගත් සිතුවම් ජපන් තරගය සඳහා ඉදිරිපත් කෙරේ. 


(සුමති කුඩලිගම)
 

දින පොත