අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය - ගාල්ල විද්‍යාලෝක විදුහලේ පැතුම් ලකුණු දහස පසුකරයි
- 2019-08-09 11:29:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරැදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරයේ ලකුණු දහස පසුකළ පළමු පිතිකරැවා බවට පත්වන්නට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පැතුම් හසරංග සමත්විය.
දකුණතින් පන්දුවට පහර දෙන ඉදිරි පෙළ පිතිකරැවෙකු වන හසරංග දෙහිවල ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලයට එරෙහිව රත්ගම ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පන්දු 144 කදී ලකුණු 182 ක් ලබා ගනිමින් ලකුණු දහස පසුකිරීමට සමත්විය.
බලන්ගොඩ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දු 156 කදී හතරේ පහරවල් 23 ක් සහ හයේ පහරවල් 24 ක් සමග නොදැවී ලකුණු 300 ක් ද ලබා ගැනීමට එක්වරක ඔහු සමත්විය.
Reply To:
Name - Reply Comment
0 Comments