අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ ක්‍රීඩා උත්සවය
- 2018-04-03 11:17:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ නිවාසන්තර ක්‍රීඩා උත්සවය අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විමලසේන මද්දුම ආරච්ච් සහ අම්පාර සහකාර පොලිස් අධිකාරි 1 දර්ශන සමන් සූරියආරච්චි මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදි පසුගියදා පැවැත්වුණි.
ගැමුණු,‚ ගජබා,‚ පරාක්‍රම,‚ විජය‚නිවාස අතර පැවැති මෙම තරගයෙන් ලකුණු 805 ක් ලබාගත් ගජබා නිවාසය ප්‍රථම ස්ථානයද,‚ලකුණු 695 ක් ලබාගත් විජය නිවාසය දෙවෙනි ස්ථානයද ,ලකුණු 607 ක් ලබාගත් පරාක්‍රම නිවාසය තුන්වැනි ස්ථානයද‚ලකුණු 503 ක් ලබාගත් ගැමුණු නිවාසය සිව්වැනි ස්ථානයද දිනාගැනීමට සමත් විය.
පාසල් සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනයෙන් ක්‍රීඩා උත්සවය අලංකාර විය. ජය සංකේත ප්‍රදානය ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Reply To:
Name - Reply Comment
0 Comments