ආසියානු 19 න් පහළ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්
- 2017-03-22 14:25:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියානු වොලිබෝල් සම්මේලනය මගින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.
අද (22දා) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්වූ අතර එහිදී කණ්ඩායමට සුබ පැතුම් එක් කිරීමටත් අමාත්‍යවරයා කටයුතු කළේය.
මියන්මාරයේ නයි පෙයි තෝ නගරයේ දී මාර්තු මස 28 දින සිට අප්‍රේල් 05 දින දක්වා තරගාවලිය පැවැත්වෙයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අනුමැතිය අනුව ක්‍රීඩකයින් 12 දෙනෙකු හා නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments