ඉහළ කඳුකරයේ සොහොයුරියන්ගේ මංගල ක්‍රිකට් තරගය - ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
- 2019-07-16 20:02:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉහළ කඳුකරයේ සොහොයුරියන්ගේ මංගල ක්‍රිකට් තරගය නුවරඑළිය අප ස්වාමිදුවගේ ද්විතීය පාසල හා නුවරඑළිය ගාමිණි ජාතික පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර නුවරඑළිය නගරසභා පිටියේ දී ඉකුත් දා පැවැත්වුණි.
නුවරඑළියේ දී ප්‍රථම වතාවට පැවැත්වූ මෙම පාසැල් දෙකක් අතර වූ ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන කළමනාකාරිනී අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය හා නුවරඑළිය කලාපීය අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අංශය මෙම තරගය සංවිධානය කරන ලදී.
තරග තීරක ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රථම ශ්‍රේණියේ රවි පුංචිහේවා මහතා කටයුතු කළේය.
තරගයේ හොඳම කඩුලු රකින්නිය ලෙස අප ස්වාමිදුවගේ ද්විතීය පාසල් කණ්ඩායමේ දසුනි චමෝද්‍යා ද දක්ෂතම පන්දු යවන්නිය ලෙස ගාමිණි ජාතික පාසල් කණ්ඩායමේ හංසිකා දිල්හානි ද තරගයේ හොඳම පිතිකාරිනිය සහ තරගයේ වීරවරිය ලෙස ගාමිණි ජාතික පාසල් කණ්ඩායමේ පියුමි සත්සරාද ජය සංකේත ලදහ.
නුවරඑළිය ගාමිණි ජාතික පාසලේ විදුහල්පති පී. ආර්. එම්. ඒ. පුස්සලමංකඩ මහතාගේ හා අප ස්වාමිදුවගේ ද්විතීය පාසලේ විදුහල්පති ශිවන්ත රැද්‍රිගු පියතුමාගේ මෙහෙයවීම මත ඉහළ කඳුකරයේ සොහොයුරියන්ගේ මංගල ක්‍රිකට් තරගය සංවිධානය කර තිබුණි.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments