එම්. ඩී. එච්. ජයවර්ධන විදුහලේ ක්‍රීඩා උලෙළේ ශූරතාව - නෙළුම් නිවාසයට
- 2018-04-06 13:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක උඩුමුල්ල එම්. ඩී. එච්. ජයවර්ධන විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 402 ක් ලබාගත් “නෙළුම්* නිවාසයට ශූරතාව හිමිවිය.
ලකුණු 377 ක් ලබාගත් “ඕලූ* නිවාසයට අනු ශූරතාවයත්, ලකුණු 309 ක් ලබාගත් “මානෙල්* නිවාසයට තෙවැනි ස්ථානයත් හිමිවිය.
පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න මහත්මිය සහ ව්‍යාපාරික අරැණසිරි අබේගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා උත්සවයට සහභාගි වූහ. තරග ඉසව් කීපයකින් හා සරඹ සංදර්ශනයකින් හා ආචාර පෙළපාළියෙන් ක්‍රීඩා උත්සවය වර්ණවත් විය.
ප්‍රධාන ආරාධිත අමුත්තන් සහ අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් ක්‍රීඩා උලෙළේ ජය සංකේත පිරිනැමීම සිදු කෙරැණි.
විදුහල්පති ආර්. ජී. එස්. රණවැල්ල මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ක්‍රීඩා උත්සවය සංවිධානය කර තිබුණි.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments