ඒකනායක අභියෝගතා කුසලාන මාතලේ අධ්‍යාපන කලාපීය පාසල් නෙට්බෝල් තරගාවලිය මාතලේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම
- 2019-10-01 09:28:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර නන්දිමිත්‍ර ඒකනායක අභියෝගතා කුසලාන මාතලේ අධ්‍යාපන කලාපීය පාසල් නෙට්බෝල් තරගාවලියේදී වැඩි දක්ෂතා දැක්වීමට මාතලේ ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් සමත්වූහ. එහිදි එම විදුහලට වයස අවු 16න් හා 18න් පහළ ශුරතා හිමිවිය. එම කණ්ඩායම්වල පුහුණුකාරිනිය වශයෙන් මාතලේ අධ්‍යාපන කලාපීය ක්‍රීඩා ගුරැ උපදේශිකා රම්‍යා හේන්දෙණිය මහත්මිය කටයුතු කළාය.
මාතලේ අධ්‍යාපන කලාපීය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික ඒ. හේවාවසම් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරි දන්ත මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සංවිධානය කළ මෙම තරගාවලිය පසුගියදා දින තුනක් මුළුල්ලේ මාතලේ අලුවිහාරේ ම.වි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මෙහිදී මෙවර (2019) දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාවන් ලෙස මාතලේ ජාත්‍යන්තර පාසලේ බුද්ධිනි කෞෂල්‍යා දිසානායක (16න් පහළ) බණ්ඩාරපොළ ම.වි. පවනි ජයරත්න (18න් පහළ) සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ චනකි වර්ණකුලසූරිය (20න් පහළ) සම්මාන ලැබූ අතර දක්ෂතම විදින්නියන් ලෙස මාතලේ ජා.පාසලේ දිනිති සෙනයා රාජපක්ෂ (16න් පහළ) මාතලේ ජා.පාසලේ අශිනි නිම්නා රණසිංහ (18න් පහළ) සහ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ කවීෂා ජයවීර (20න් පහළ) සම්මාන ලැබූහ. මෙහිදි අවසන් මහා තරග උදේශිකා රණසිංහ, චන්ද්‍රිකා රාජසිංහ සහ ඉන්දු අබේරත්න යන විනිසුරැවරියෝ විනිශ්චය කළහ.
(මාතලේ විශේෂ මහේෂ් කීර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments