කඳාන ද මැසිනොද් විදුහලේ කනිෂ්ඨ අංශයේ ක්‍රීඩා උලෙළ - ශූරතාව - මාර්ක් නිවාසයට/ දක්ෂතම ක්‍රීඩකයා - තෙව
- 2018-05-15 12:29:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කඳාන ද මැසිනොද් විදුහලේ ප්‍රාථමික අංශයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මාර්ක් නිවාසය (ලකුණු 142) සමත් වීය. ලකුණු 90 ක් ලබාගත් රෙමෝල්ඩ් නිවාසයට අනුශූරතාව හිමිවිය. ඕල්ඉන් හා ඩිලාසල් නිවාස තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
වසරේ කනිෂ්ඨ අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස රෙමෝල්ඩ් නිවාසයේ ජේ.තෙවිනු සිත්වන් සිල්වා සිසුවා සම්මාන දිනා ගත්තේය. පුස්සැල්ල ප්‍රඩක්ට්ස් පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ පිලිප්. ඩී. ජේ. වෑවිට මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
ජය සංකේත ප්‍රදානය විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමා පිලිප්. ඩී. ජේ. වෑවිට මහතා හා එම මහත්මිය අතින් සිදුවිය. ක්‍රීඩා උත්සවය සඳහා දලාසැල් නිකායේ ප්‍රාදේශීය පාලනාධිපති ක්‍රිස්ටි ක_ස් සහෝදරතුමා, හිටපු විදුහල්පති බර්ට්‍රම් පෙරේරා සහෝදරතුමා ඇතුළු ආරාධිතයෝ රුසක් සහභාගී වූහ.
විදුහල්පති ජානක ෆොන්සේකා සහෝදරතුමාගේ උපදෙස් පරිදි ප්‍රාථමික අංශ ප්‍රධානි ට්‍රීසා පෙරේරා පැවිදි සොයුරිය, ප්‍රාථමික අංශ ක්‍රීඩා භාර ආචාර්ය නිමල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ගුරැ මණ්ඩලය ක්‍රීඩා උලෙළ සංවිධානය කර තිබුණි.
(පමුණුගම ඇන්ටන් ජයසූරිය)
Reply To:
Name - Reply Comment
0 Comments