Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කළුතර කලාප ක්‍රීඩා උලෙළ කළුතර සිරිකුරැස විදුහල් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි සමස්ත ශූරතාව පානදුර අධ්‍යාපන කොට්ඨාසයට ද, සමස්ත අනුශූරතාව කළුතර අධ්‍යාපන කොට්ඨාසයටද හිමිවිය.
බාලක ශූරතාව කළුතර සිරිකුරැස විදුහලටද, බාලක අනුශූරතාව පානදුර රාජකීය විදුහලටද හිමිවූ අතර බාලිකා ශූරතාව කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයට සහ බාලිකා අනුශූරතාව පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයට ද හිමිවිය. 
මලල ක්‍රීඩා සහය තරග බාලක ශූරතාව කළුතර සිරිකුරැස විදුහල හිමිකර ගත් අතර එහි අනු ශූරතාව හිමිවූයේ කළුතර විද්‍යාලය ජාතික පාසලටය.
මලල ක්‍රීඩා සහය තරග බාලිකා ශූරතාව කළුතර ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ද එහි අනුශූරතාව කළුතර බාලිකා ජාතික පාසලට ද හිමිවිය.
මෙම ක්‍රීඩා උලෙළේ තිළිණ ප්‍රදානය බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් සහ කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියානි මුතුලිගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) කාන්තසිරි මීගමුවගේ මහතා විසින් මෙම ක්‍රීඩා උලෙළ සංවිධානය කරන ලදී.
    (සටහන හා ඡායාරෑප - කළුතරසුනිල් එස්.තන්ත්‍රිආරච්චි)

 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය
අවුරැදු 12 න් පහළ බාලක -  ඩී.තෙවිදු සන්දිල් (පොතුපිටිය මහා විද්‍යාලය, කළුතර)
අවුරැදු 12 න් පහළ බාලිකා -  එල්.එම්.ශිහාරා සදෙමිත් සිල්වා (යහපත් එඩේරාගේ කන්‍යාරාමය, පානදුර)
අවුරැදු 14 න් පහළ බාලක - ඩී.ඩබ්ලිව්.ඩී. විනිදු රසාංජන (ශාන්ත ජෝන් විද්‍යාලය, කළුතර)
අවුරැදු 14 න් පහළ බාලිකා - එච්.නලීමා ළහිරැනි ද සොයිසා (ලයිසියම් ජාත්‍යන්තර පාසල, පානදුර)
අවුරැදු 16 න් පහළ බාලක-  එෆ්.එස්.සිනෙර සංදේශ් ප්‍රනාන්දු (ආරියවංශ මහා විද්‍යාලය, බේරැවල)
අවුරැදු 16 න් පහළ බාලිකා - සාවිත්‍රි දෙව්මිණි විජේසිංහ (යහපත් එඬේරාගේ කන්‍යාරාමය, පානදුර)
අවුරැදු 18 න් පහළ බාලක -  ඩබ්ලිව්.ඩබ්ලිව්.විරන්ත හසිත ප්‍රනාන්දු (සිරිකුරැස විද්‍යාලය, කළුතර)
අවුරැදු 18 න් පහළ බාලිකා -  ජයනි ජෙරල්ඩීන් ඇන්ඩ්‍රසන් (යහපත් එඬේරාගේ කන්‍යාරාමය, පානදුර)
අවුරැදු 20 න් පහළ බාලක - ඩී.හසිත මධුසංඛ ද සිල්වා (පයාගල බණ්ඩාරනායක මහා විද්‍යාලය, බේරැවල)
අවුරැදු 20 න් පහළ බාලිකා - ඩබ්ලිව්.ඩබ්ලිව්.දිල්කි යශෝදා (ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, පානදුර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.