කොළඹ ඩඩ්ලි සේනානායක විදුහලේ ක්‍රීඩා උත්සවය
- 2018-07-13 22:56:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ 05 ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ 2018 වාර්ෂික ක්‍රීඩා උලෙළ වත්මන් විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමිගේ අනුශාසනා පරිදි බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හා බස්නාහිර පළාත් සභාවේ සභා නායක පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරිනි ශ්‍රී ලංකා ඔල්ම්පියන් සභාපතිනිය, මලල ක්‍රීඩිකා ශ්‍රීයානි කුලවංශ මහත්මියගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහලේ සිසු සිසුවියෝ මයුර, තිසර හා පරවි නිවාසවලට බෙදී තරග කළහ. විද්‍යාලයේ ක්‍රීඩා නායක කනිෂ්ක ලක්ෂාන් සිසුවාද, ක්‍රීඩා නායිකාව ලෙස රන්දි තක්ෂිලා සිසුවියද කටයුතු කළහ.
මෙම ක්‍රීඩා උලෙළ සඳහා දකුණු කොළඹ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සී. කේ. ඉලංගන්තිලක මහත්මිය, කොළඹ අධ්‍යාපන කලාපයේ සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලලිත් බන්දුල මහතා, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියංකා දසනායක මහත්මිය, ගුරැ උපදේශක මහත්ම මහත්මීහු අවට විදුහල්වල විදුහල්පතිවරැ සිසු සිසුවියෝ, මාපියෝ ඇතුළු සම්භාවනීය අමුත්තෝ රාශියක් සහභාගි වී සිටියහ.
(දෙහිවල එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments