ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය - දක්ෂතම ක්‍රීඩකයා සම්මානය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ
- 2019-11-29 10:56:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දින තුනක් මුළුල්ලේ පැවැත්වුණ ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ 13 කලා අංශයේ අධ්‍යාපනය හදාරන වයි.සී.එම්.යෝධසිංහ ශිෂ්‍යයා හිමිකර ගත්තේය.
එහි දී වයස අවුරැදු 20න් පහළ දුර පැනීම ප්‍රථම ස්ථානය යෝධසිංහ ක්‍රීඩකයා හිමිකරගෙන තිබූ අතර ඔහු මීටර් 7.43ක දුරක් පැනීමට සමත් වී තිබුණි. තවද මීටර් 100 දුර දිවීමේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ තත්පර 10.8 කින් තරගය නිමාවට පත් කරමිනි. තවද 100 x 4 සහාය දිවීමේ තරගාවලියේ තෙවැනි ස්ථානයද ජයග්‍රහණය කළේය.
විද්‍යාලයේ ක්‍රීඩාභාර ආචාර්ය එස්.එච්.වසන්ත ලාල් මුණසිංහ පාසලේ ක්‍රීඩා පුහුණුකරැ වන ඩබ්ලිව්.එම්. බුද්ධික චතුරංග විජේකෝන් හා බාහිර පුහුණුකරැවන් වන ලලිත් ලියනගේ සංජීව වීරක්කොඩි යන පුහුණුකරැවන් දෙදෙනාද යෝධසිංහ ක්‍රීඩකයා ඉතා කෘතවේදීව සිහිපත් කරයි.
(දමුණුපොළ චමින්ද ජයලත්)
Reply To:
Name - Reply Comment
0 Comments