දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් නව තරග වාර්තා දෙකක්
- 2019-11-22 12:25:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේදී නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත් වූ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ටී.එච්. රෂින් උමයංග එම ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබුවේය. මෙම ක්‍රීඩා උලෙළ සිව් දිනක් පුරා බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණි.
එම ක්‍රීඩා උලෙළේදී මීටර් 100 තත්පර 12.2 කින් නිම කර නව තරග වාර්තාවක් පිහිටුවනු ලැබූ රෂින් මීටර් 80 තත්පර 10.0 කින් නිම කරමින් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එම ක්‍රීඩා උලෙළේ දුර පැනීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය ද ඔහුට හිමි විය. ඔහු පිළිගැනීම සඳහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිනි ලක්ෂ්මී රත්නායක මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විශේෂ උත්සවයක් ද සංවිධානය කළහ.

(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments