නිල් මහ සටන විසඳුමකින් තොරයි
- 2017-03-12 13:02:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ රාජකීය විදුහල හා ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන නිල් මහ සටන මෙවර විසදුමකින් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී අයපත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට රාජකීය කණ්ඩායම සිය දෙවැනි ඉනිමට ලකුණු 154ක් රැස්කරගෙන සිටියේ කඩුලු 8ක් වැයකරමිනි.
පෙරේදා (09දා) ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් තෝමස් කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි රාජකීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 255ක් රැස්කළේය. එහිදී රාජකීය කණ්ඩායම වෙනුවෙන් හිමේෂ් රාමනායක, ගනිත් සංදීප, කවිඳු මදුරසිංහ හා පසිඳු සූරිය බණ්ඩාර පිත්තෙන් දක්ෂතා දැක්වීය. රජකීය කණ්ඩායමේ කඩුලු දඩයම් කළ කලණ පෙරේරා කඩුලු පහක් දවාගත්තේය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ තෝමස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 357ක් රැස්කරමින් සිය ඉනිම අත්හිටුවීය. ආරම්භක පිතිකරුවන් වූ රොමේෂ් නල්ලපෙරුම (92) රවිඳු කොඩිතුවක්කු (98) තෝමස් ඉනිම ශක්තිමත් කළ අතර සිතාර හපුහින්නද අර්ධ ශතකයක් වාර්තා කළේය. රාජකීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් හිමේෂ් රාමනායක කඩුලු 4ක් දවාගත්තේය.
රාජකීය කණ්ඩායමට වඩා ලකුණු 102ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ රාජකීය කණ්ඩායම කඩුලු 8 දැවී ලකුණු 155ක් රැස්කිරීමට සමත්වූයේය. එහිදී රජකීය විදුහලේ කඩුලු දැවීම වේගවත් වූ අතර තෙවිඳු සේනාරත්න හා අශාන් සංචිත සිය අන්ත ආරක්ෂා කර ගනිමින් තරගය ජයපැරඳුමෙන් තොරව අවසන් කර ගැනීමට අවශ්‍ය පදනම දැමීය. තෝමස් කණ්ඩායම වෙනුවෙන් තෙවින් ඊරියගම කඩුලු දෙකක් හා කළණ පෙරේා කඩුලු දෙකක් දවාගත්තේය. තරගය විසඳුමකින් තොරව අවසන්වීම හේතුවෙන් ඩී.එස්. සේනානායක පළිහ රාජකීය විදුහලටම හිමිවිය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments