Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බාලක කණ්ඩායම් 534 ක් හා බාලිකා කණ්ඩායම් 167 ක් සහභාගි වන ‘සමපෝෂ’ කුසලාන අන්තර් පාසල් වයස 14න් පහළ පාපන්දු තරග මාලාව දිවයිනේ මධ්‍යස්ථාන 32 කදී ආරම්භ කර තිබේ. එහි කලාප අටක තරග පසුගිය ඉරිදා (22) සිට ආරම්භ විය. මූලික වටයේ තරග එම මධ්‍යස්ථානවලදී ලබන නොවැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරග වටයෙන් පසුව තරග මාලාවේ මූලික වටය ආරම්භ කෙරේ. ඒ සඳහා මූලික වටයේ කාණ්ඩ අටකින් කණ්ඩාම් හතරක් බැගින් මුළු කණ්ඩායම් 32 ක් තෝරා ගැනේ. බාලිකා තරගාවලියට එවැනිම කාණ්ඩ අටකින් කණ්ඩායම් 24 ක් තෝරා ගැනේ. ඒ අනුව බාලක තරග 64 ක් හා බාලිකා තරග 40 ක් තරග මාලාවට අන්තර්ගත වේ.

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව දෙවැනි වටය පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 16 ක් බැගින් තෝරා ගැනීමට නියමිතය. දෙවැනි වටයේදී විනාඩි 30 බැගින් වන අර්ධ දෙකකින් සමන්විත විනාඩි 60ක කාලයක් දක්වා එක් තරගයක් පැවැත්වේ.

කොළඹ කලාපයෙන් මෙවර මූලික වටයට වැඩිම කණ්ඩායම් ගණනක් (68) ක් සහභාගි වන අතර බාලිකා කණ්ඩායම් වැඩිම ගණනක් (15 ක්) මෙවර ඉදිරිපත්ව සිටින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය හා අම්බලන්ගොඩ කලාපවලින් බාලිකා කණ්ඩායම් තරගාවලියට ඉදිරිපත් වී නොමැත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය ප්ලෙන්ටි ෆුඞ්ස් (පෞද්ගලික) සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරග මාලාව සංවිධානය කරයි.


මූලික වටයේ (කලාප) ඉදිරි තරග වට පැවැත්වෙන ආකාරය.

(ඔක්තෝබර් 27)
● පුත්තලම - පුත්තලම නාගරික පිටියේදී
● හලාවත - හලාවත නාගරික පිටියේදී

(ඔක්තෝබර් 29)
● වවුනියාව - වවුනියාව නාගරික පිටියේදී
● මාතලේ - මාතලේ නාගරික පිටියේදී
● නුවරඑළිය, හැටන් - නුවරඑළිය මහජන පිටියේදී

(ඔක්තෝබර් 31)
● මහනුවර - මහනුවර නාගරික පිටියේදී

(නොවැම්බර් 1-2)
● මඩකලපුව, අම්පාර, කල්මුණේ - එම නාගරික පිටිවලදී

(නොවැම්බර් 2-3)
● මොනරාගල, බිබිල - මොනරාගල නාගරික පිටියේදී

(නොවැම්බර් 4-5)
● මීගමුව - මීගමුව නාගරික පිටියේදී
● කෑගල්ල, මාවනැල්ල - කෑගල්ල නාගරික පිටියේදී
● යාපනය - යාපනය නාගරික පිටියේදී

(නොවැම්බර් 4-5-6)
● ගම්පහ - ගම්පහ නාගරික පිටියේදී

(නොවැම්බර් 6-7)
● කෝට්ටේ, පිළියන්දල - කෝට්ටේ හා පිළියන්දලදී

(නොවැම්බර් 6-7-8-9)
● කොළඹ - කොළඹදී

(නොවැම්බර් 9-10)
● කැලණිය, වත්තල - කැලණිය පාපන්දු පිටියේදී
● කළුතර, බේරුවල - කළුතර වර්ණන් ප්‍රනාන්දු පිටියේදී

(නොවැම්බර් 11-12)
● අම්බලන්ගොඩ - අම්බලන්ගොඩ නාගරික පිටියේදී

(නොවැම්බර් 12-13)
● ගාල්ල - ගාල්ල නාගරික පිටියේදී

(නොවැම්බර් 13-14)
● රත්නපුරය, බලන්ගොඩ - රත්නපුරය සීවලි පිටියේදී

(නොවැම්බර් 14-15)
● මාතර - මාතර පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදී

(නොවැම්බර් 15-16)
● හම්බන්තොට - හම්බන්තොට නාගරික පිටියේදී
(මන්නාරම, ත්‍රිකුණාමය, අනුරාධපුරය, පොලොන්නරුව, ගම්පොල - නාවලපිටිය යන කලාප තරග ඊයේ (26) වනවිට පවත්වා අවසන් කිරීමට නියමිතව තිබුණි.)

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.