පී.ද. ඇස්.කුලරත්නයේ සයුරිට පිහිනුම් රන් පදක්කම් තුනක්
- 2019-10-15 09:25:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර දකුණු පළාත් පාසල් පිහිනුම් තරගාවලියේ දී වයස අවුරැදු 20 න් පහළ බාලිකා රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට අම්බලන්ගොඩ ගා/පී.ද.ඇස්.කුලරත්න විද්‍යාලයේ ආර්.සයුරි කාව්‍යා නිමන්ති ශිෂ්‍යාව සමත් වූවාය. මෙම තරගාවලිය මාතර පිහිනුම් තටාකයේ දී පැවැත්වුණි.
මෙහිදී අවුරැදු 20 න් පහළ මීටර් 50 නිදහස් ආර, මීටර් 100 නිදහස් ආර සහ මීටර් 50 පසුපස ආර යන තරග ඉසව් තුනම ජයග්‍රහණය කොට දකුණු පළාත් පිහිනුම් ශූරියක් ලෙස සම්මාන ලැබුවාය.
වයස අවුරැදු 10 සිට පිහිනුම් තරගවලට සහභාගි වී ඇති ඇය රන්, රිදී, ලෝකඩ පදක්කම් රුසක් දිනාගෙන ඇත. ඇයගේ පුහුණුකරැ ලෙස ප්‍රවීණ පිහිනුම් උපදේශක කේ.ජනක ලාල් මහතා කටයුතු කරයි.
(ගෝනාපීනුවල - දයා සිරිල් ධම්මික)
Reply To:
Name - Reply Comment
0 Comments