Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොලොන්නරැව රාජකීය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ.එම්.පන්චාලි ජනෝද්‍යා අධිකාරි ශිෂ්‍යාව 2015 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වී මහ/ගෝතමී බාලිකා විද්‍යාලයටත් ඉන්පසුව ක්‍රීඩා දක්ෂතාවය මත මහ/මහාමායා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව දැනට 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී.
2018 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වූ බැඩ්මින්ටන් තරගාවලි වලදී වයස අවුරැදු 15 න් පහළ කේවල තරග ඉසව්වෙන් තරග කරමින් සියලුම තරගාවලින් හි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇය සමත් වූවාය. එමෙන්ම එම දක්ෂතා නිසා 2018 වර්ෂයේ ඉන්දියාවේ ප්‍රකාශ් පදුකෝන් ඇකඩමියේ මාසයක පමණ පුහුණුවක් සඳහා ඇය සහභාගි වූවාය. තවද 2018 වර්ෂයේ මියෙන්මාරයේ පැවැත්වූ වයස අවුරැදු 15 න් පහළ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළාය.
මෙම වසරේ ජූලි මස චීනයේ සුෂු හි පැවැත්වූ වයස අවුරැදු 19 න් පහළ ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී පත්වූ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසින් ඇයව නම්කළ හැකිය.
ඇගේ පුහුණුකරැ වශයෙන් ආර්.එස්.දහනායක මහතා කටයුතු කරයි.
ඇයට විජය අපෙන් සුබ පැතුම්.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.