මලගල මහ විදුහලේ ක්‍රීඩා උලෙළේ ශූරතාව - ශක්ති නිවාසය දිනයි
- 2018-04-06 13:56:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් මලගල මහා විද්‍යාලයේ 2018 නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයේ දී ලකුණු 233 ක් ලබාගත් “ශක්ති* නිවාසයට ශුරතාව හිමිවිය.
ලකුණු 217 ක් ලබාගත් “විශ්ව* නිවාසයට අනු ශූරතාවත්, ලකුණු 190 ක් ලබාගත් “දීප්ති* නිවාසයට තෙවැනි ස්ථානයත් හිමිවිය.
ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහතා සහ ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගි වූහ.
මෙහිදී බාලක බාලිකා තරග, මවුපියවරැන්ගේ, ආචාර්ය මණ්ඩලයේ සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තරග ද සරඹ සංදර්ශනය සහ ආචාර පෙළපාළිද පැවැත්වුණි.
ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් ජය සංකේත පිරිනැමීම සිදු කෙරැණි.
එම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා/ සංගීත) සරත් ගාමිණී, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ උපසේන මාපටුනගේ, විදුහල්පති දිල්හානි ලංකා විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද සිසු දරැ දැරියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments