Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහව අධ්‍යාපන කලාපයට අයත්  කරඹේ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. ශාමල් තරිඳු විජේරත්න සිසුවා මෙවර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ මහව කලාප අවුරැදු 14 න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වූයේය.
ශාමල් විසින් මෙම ශූරතාව හිමි කර ගෙන ඇත්තේ මීටර් සියය දිවීම, යගුලිය දැමීම හා උස පැනීම යන ඉසව්වලින් ප්‍රථම ස්ථාන දිනා ගනිමිනි. එසේම වයඹ පළාත් තරගාවලියේදී යගුලිය දැමීමේ තරගයට සහභාගි වූ ඔහු දෙවැන ස්ථානය හිමි කර ගනිමින් සමස්ත ලංකා තරගයට සහභාගි වීම සඳහා ද සුදුසුකම් ලබා ඇති බව කරඹේ විද්‍යාලයේ ක්‍රීඩා උපදේශිකා කේ.එම්.අයි.කේ. බස්නායක මහත්මිය සඳහන් කරයි.
මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා කරඹේ විද්‍යාලයේ විදුහල්පති එච්. එම්. සිරිවර්ධන මහතාගේ හා සුසන්ත රාජපක්‍ෂ මහතාගේ මඟ පෙන්වීම මෙන්ම මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක අජිත් ඉන්දික ද සිල්වා මහතා වෙතින් ලද පුහුණුවද දායක වූ බව බස්නායක මහත්මිය ප්‍රකාශ කරයි.
(යාපහුව සුනිල් කහගල්ල)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.