මාතලේ සහ ගල්කිස්ස තෝමස් විදුහල් සහෝදරයින්ගේ හොකි සංග්‍රාමය දෙවිදුහල්ම සම ශූරතා
- 2017-10-10 09:40:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන මෙවර (2017) තෙවන වරටත් පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමය මහා හොකි තරගාවලියේදී සම ශුරතාවය ලබමින් එරික් හුලංගමුව අභියෝගතා පලිහ දිනා ගැනීමට දෙවිදුහල් කණ්ඩායම් සමත්වුහ. මහ තරගයේ දක්ෂතම හොකී ක්‍රීඩකයා ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ රහල් රඹුකේපොත සම්මාන ලැබීය. වයස අවු 20න් පහළ වයස් සීමාව යටතේ පැවති හොකී මහ තරගයේදී මොහොමඩ් සිපාන් කමලීන් මාතලේ සාන්ත තෝමස් විදුහල් පිලද තිළිණ නිශාක්මින් දෑල ගල්කිස්ස සාන්ත තෝමස් පිලද මෙහෙයවුහ. තරග ආරම්භයේදීම ඇද හැළුණු මහ වැසි තරගය පවත්වාගෙන යාමට බාධාවක් විය. නියමිත කාලය තුලදි දෙපිලම ගෝල වාර්තා නොකල අතර පසුව දෙපිළට සම ශුරතාව ප්‍රදානය කෙරුණි.
නේෂන් ට්‍රස්ට් බැංකුව හා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් අනුග්‍රහයෙන් පසුගියදා මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි හොකි සංගමය මගින් සංවිධානය කළ මෙම තරගයේදී මහා තරගයට සමගාමීව පැවති වයස අවු 16න් පහළ තරගයද ජය පරාජයකින් තොරව අවසන් වීම නිසා දෙපිළටම සම ශුරතාවය ප්‍රදානය කෙරුණි. මෙහිදි මාතලේ සාන්ත තෝමස් විදුහල් පිල සසිත දිල්ෂාන් දිසානායක විසින්ද ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල දේවින් නේමිත ගුණශිල විසින්ද මෙහෙයවුහ. මෙවර මුල් වරට පැවැති දෙවිදුහල් ආදි තෝමසුවන්ගේ තරගයේදී 1 - 0 ක ජයක් ගල්කිස්ස ආදි තෝමසුවන්ගේ පිලට හිමිවුහ. එස්.එන් ජයසිංහ, ටි.කේ. ජයසුන්දර සහ අජිත් මංජුල යන විනිසුරුවරුන් විසින් මෙම තරග විනිශ්චය කළහ.
තරගාවලියේ ජයසංකේත ප්‍රදානය දෙවිදුහල් කීර්තිමත් ආදි තෝමසුවන් වු මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, හිටපු තානාපති හා අමාත්‍යංශ ලේකම් පාලිත කොහොන, ජනාධිපති නිතිඥ මොහොන් වීරකෝන් යන මහත්වරු අතින් සිදුවුහ. මේ අවස්ථාවට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල්පති මාර්ක් බිලිමෝරියා පියතුමා සහ මාතලේ සාන්ත තෝමස් විදුහල්පති කේ.ඒ.ජේ. කුලසුරිය, මාතලේ ආදි තෝමසුවන්ගේ හොකි සංගමයේ ලේකම් එරික් හුලංගමුව, උප සභාපති මහින්ද අමුණුගම, තරග අධ්‍යක්ෂ ඉන්ද්‍රවංශ හේරත් යන මහත්වරු ඇතුළු ක්‍රියාකාරින් රැසක් එක්වුහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments