යු.එස්.එම්. පීනැන් තරගාවලියට කණ්ඩායම් දෙකක් මැලේසියාවට
- 2016-10-13 10:24:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මැලේසියාවේ පීනෑන් නගරයේදී පැවැත්වෙන යු.එස්.එම්. පීනැන් ජාත්‍යන්තර නෙට්බෝල් තරගාවලිය සදහා සහභාගිවන මාතලේ බණ්ඩාරපොළ මහා විදුහල් වයස අවුරුදු 15න් පහළ නෙට්බෝල් පිල මෙම ඔක්තෝබර් මස 4 වැනිදා මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම තරගාවලිය මෙම ඔක්තෝබර් මස 7,8 හා 9 යන තෙදින තුලදි මැලේසියාවේ පීනැන් නගරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය වාර්ෂිකව සංවිධානය කරන මයිලෝ කුසලාන පාසල් නෙට්බෝල් තරගාවලියේ ළමුන් 1000 ට අඩු පාසල් අතර බී කොටසේ ශුරතාවයට 2015 හා 2016 යන වසර දෙකේදිම හිමිකම් කිවේ බණ්ඩාරපොළ මහා විදුහලයි. එහිදි දිවයිනේ දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සදනි මල්ෂා වීරසිංහ (2015) උපේක්ෂා දිසානායක (2016) සම්මාන ලැබුහ. මා/බණ්ඩාරපොළ මහා විදුහල් ක්‍රීඩා කණ්ඩායමේ විදේශ සංචාරයකට එක්වන මුල්ම අවස්ථාව මෙය විමද විශේෂත්වයකි.
සංචාරයට එක්වන මා/ බණ්ඩාරපොළ මහා විදුහල් 15න් පහළ නෙට්බෝල් පිල - සදනි මල්ෂා වීරසිංහ විසින් මෙහෙයවන අතර උපනායිකා ලෙස දුෂාන්ති දුර්ගා කටයුතු කරයි. පුහුණුකාරිණිය එම විද්‍යාලයීය ක්‍රීඩා උපදේශිකා ක්‍රිෂ්ණි ජානකි සිරිවර්ධන මහත්මිය හා ඉනෝකා ශ්‍යාමලි රණිසිංහ මහත්මිය කළමනාකාරිණිය ලෙස මෙම සංචාරයට එක්වේ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments