Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජපානයේදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ වලල ඒ. රත්නායක මධ්‍ය මහ විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ, හර්ෂ කරැණාරත්න සහ පුහුණුකරැ  සුසන්ත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණි.
වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය සහ වලල ඒ.රත්නායක මධ්‍ය මහ විද්‍යාලය සංවිධානය කර තිබුණු මෙම වැඩසටහනේදී මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිට වලල රත්නායක විද්‍යාලය දක්වා විවෘත රථයකින් කැඳවාගෙන යාම හා උපහාර පිදීම සිදුකෙරිණි.
වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ දිල්ෂි කුමාරසිංහ මීටර් 400 (කාන්තා) රිදී පදක්කමද, මීටර් 800 (කාන්තා), මීටර් 400×4 (කාන්තා) සහාය දිවීම ලෝකඩ පදක්කම්  දිනා ගත්තාය. හර්ෂ කරැණාරත්න ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ අතර ඔහු කොළඹ සුගතදාස පිටියේදී පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදි මීටර්800 (පිරිමි) රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එව්.කේ. විජේරත්න, වලල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේරත් මහතා සිසු සිසුවියෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.


(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.