සමපෝෂ 14 න් පහළ අන්තර්පාසල් පාපන්දු තරගාවලිය - ශා.ජෝශප් හා පන්දත්තිරිප්පු බාලිකාවන්ට ජය
- 2018-02-07 10:19:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමපෝෂ වයස 14 න් පහළ අන්තර්පාසල් පාපන්දු තරගාවලියේ මෙවර බාලක ශූරතාව දිනා ගැනීමට මරදාන ශා.ජෝශප් විදුහල සමත් වූ අතර බාලිකා ශුරතාව හිමිවූයේ යාපනය පන්දත්තිරිප්පු බාලිකා විදුහලටයි.
පසුගියදා (20) කොළඹ තුරග තරග පිටියේදි පැවති තරගාවලියේ පිරිමි අවසන් මහා තරගයේදී මරදාන ශා.ජෝශප් විදුහල කොළඹ ගේට්වේ ජාත්‍යන්තර විදුහල ගෝල 3-0 ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය. මෙහි තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදි කඳාන ද මැසිනෝද් විදුහල් කණ්ඩායම කෝට්ටේ ජනාධිපති විදුහල ගෝල 4-2 ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් මරදාන ශා.ජෝශප් විදුහලේ පැතුම් ගිම්හාන සම්මාන දිනා ගනිද්දී දක්ෂතම දැල් රකින්නා වුයේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ තුෂිල ද සිල්වාය.
මෙහි බාලිකා අවසන් තරගයේදී යාපනය පන්දත්තිරිප්පු බාලිකා විදුහල විසින් කුරැණෑගල මලියදේව බාලිකා විදුහල් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙසින් පරාජයට පත් කිරීමට සමත් විය.
එහි තෙවැනි ස්ථානයට පැවති තරගයේදි යාපනය මහජන විදුහල් කණ්ඩායම හමුවේ බිබිල නන්නපුරාව මහා විදුහල් කණ්ඩායම ගෝල 1-0 ක් ලෙස පරාජය විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් පන්දත්තිරිප්පු බාලිකා විදුහලේ ආර්. ක්‍රිශාන්ති සම්මාන දිනා ගත් අතර දක්ෂතම දැල් රකින්නිය වූයේ එම විදුහලේම එස්.ෂර්මිලාය.
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කළ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් සමපෝෂ පෞද්ගලික සමාගම ක්‍රියා කළේය.
(ඕෂිත වරකපිටිය)
Reply To:
Name - Reply Comment
0 Comments