සමස්ත ලංකා පාසල් කිලෝමීටර් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය
- 2018-05-23 13:21:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය විද්‍යාලයීය 7 වැනි සමස්ත ලංකා පාසල් වයස 20න් පහළ බාලක,බාලිකා කිලෝමීටර් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව ලකුණු 94 ක් ලබාගත් අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා පුහුණු පාසල විසින්ද සමස්ත බාලිකා ශුරතාව ලකුණු 92 ක් ලබාගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය විසින්ද දිනා ගන්නා ලදී.
මෙම පිහිනුම් තරගාවලියට මෙවර දිවයිනේ පාසල් පිහිනුම් ක්‍රීඩක ,ක්‍රීඩිකාවෝ 250 ක් පමණ සහභාගි වූහ. වයස 20න් පහළ පැවති තරගාවලියේ සමස්ත බාලක අනුශුරතාව ලකුණු 74 ලබාගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයටද සමස්ත බාලිකා අනුශුරතාව ලකුණු 33 ලබාගත් දඹුල්ල පිහිනුම් ක්‍රීඩා පාසලටද හිමිවිය.
බාලක තරගාවලියේ ඒකල ශුරතාව විනාඩි 26 තත්පර 55 කින් තරගය නිමාකළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ රසේන් දිල්ශාන් විසින්ද අනුශුරතාව විනාඩි 27 තත්පර 07 කින් තරගය නිමාකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ හනුෂ තරැමල් විසින්ද විනාඩි 27 තත්පර 10 කින් තරගය නිමා කළ ඩොල්පින් ජල ක්‍රීඩා පුහුණු පාසලේ ගවිදු කවිෂ්ක විසින් එහි තෙවැනි ස්ථානයද දිනා ගන්නා ලදී.
බාලිකා ඒකල තරගාවලියේ ශුරතාව විනාඩි 29 තත්පර 31 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ජි.ශෂිනි නවෝද්‍යා විසින්ද අනුශුරතාව විනාඩි 30 තත්පර 02 කින් තරගය නිමා කළ ගිංතොට මහා විද්‍යාලයේ එච් .එල්. කේ. වෝශානි විසින්ද තෙවැනි ස්ථානය විනාඩි 31 තත්පර 21 කින් තරගය නිමා කළ ඔශිනි ෂෙහාරා විසින්ද දිනා ගන්නා ලදී.
මේ තරගාවලියේ ළාබාලම ක්‍රීඩකයන් ලෙස අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා පුහුණු පාසලේ ටෂාන් ක්‍රිෂ්ණ කුමාරද, කුරැණෑගල මලියදේව බාලක විද්‍යාලයේ ඉන්සර සන්දීප් කුරේද ළාබාලම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඔශිනි ෂෙහාරාද සම්මාන දිනා ගත්හ.
මීට සමගාමිව පැවති සමස්ත ලංකා පාසල් මීටර් 800 දුර කනිෂ්ඨ මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක ඒකල ශුරතාව විනාඩි 14 තත්පර 45 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නිරෝද් තීක්ෂණ විසින්ද අනු ශූරතාව විනාඩි 14 තත්පර 56 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ඩොල්පින් ජල ක්‍රීඩා පිහිනුම් පුහුණු පාසලේ තීක්ෂණ කුමාර විසින්ද තෙවැනි ස්ථානය විනාඩි 14 තත්පර 58 කින් තරගය නිමා කළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ කේ. විදත් අනුත දෙව්බන් විසින්ද දිනා ගන්නා ලදී.
කනිෂ්ඨ බාලිකා ඒකල ශූරතාව විනාඩි 16 තත්පර 25 කින් තරගය නිමා කළ කුරැණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අන්ෂුමාලි තවිස්නා විසින්ද අනුශුරතාව විනාඩි 18 තත්පර 07 කින් තරගය නිමා කළ කුරැණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ කවිනි මදුමාලි විසින්ද තෙවැනි ස්ථානය විනාඩි 18 තත්පර 21 කින් තරගය නිමකළ කුරැණෑගල ලක්දාසද මෙල් විද්‍යාලයේ ඩි.බී.එස්.වාසනා විසින්ද දිනා ගන්නා ලදී.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
Reply To:
Name - Reply Comment
0 Comments