Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 


(ගයාන් සූරියආරච්චි) 

නෙදර්ලන්තයේ PAL-V සමාගම විසින් ගොඩබිම ගමන් කළ හැකි හා ගුවනේ පියසර කළ හැකි රෝද තුනක් සහිත රථයක් නිපදවා තිබේ. 

මිනිසුන් දෙදෙනකුට ගමන් කළ හැකි අතර මහා මාර්ගවල ගමන් කිරීමට සහ අහසෙහි පියාසර කිරීමේ හැකියාව පවතී. ගුවනෙහි පියාසර කිරීමට අවශ්‍ය වූ විට හකුලා ගත් පියාපත් දිගහැර හෙලිකොප්ටරයක් මෙන් ගමන් කිරීමට මෙයට හැකිවෙයි. 

පැයට කිලෝමීටර 105 ක වේගයෙන් ගමන් කිරීමට හැකි වන අතර අඩි 11,500 ක උඩ ගුවනින් ගමන් කරන බව සමාගම පවසයි.

වසරක පමණ කාලයක් අත්හදා බැලීම් වලින් පසුව සමාගම මෙම මෝටර් රථය නිපදවා තිබේ. සමාගම පවසනුයේ ඉගිලෙන මෝටර් රථ නිපදවන අනෙකුත් තරගකාරී සමාගම් පරදා ලොව දැවැන්තම නිෂ්පාදකයා වීම ඔවුනගේ අරමුණ බවයි. 

ලබන ඔක්තෝබර් මාසයේ සිට ඉගිලෙන මෝටර් රථය නිෂ්පාදනය අරඹන අතර 2018 දී ප‍්‍රථම ගනුදෙනුව සිදුකිරීමට නියමිතය.

image_71205ec7a7 image_b285c2c324

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.