Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

AAAA-1ලෝකයේ ස්මාට්ෆෝන් රසික පිරිස් අතර අතර අලුතින්ම බිහිවුණු රසික සමාජය ලෙස OnePlus රසික සමාජය දැක්විය හැකිය. එම රසික සමාජයේ මීළඟ ඒකායන බලාපොරොත්තුව මීළඟ වසර වෙනුවෙන් නිකුත් වන ස්මාට්ෆෝන් විශිෂ්ටයා වන OnePlus 3 නිකුතුවය. තවමත් කටකතාවක් ලෙස පවතින මුත් සාක්ෂි සාධක සහිතව ඔප්පු වූ ලෙස බොහෝදුරට OnePlus සමාගම සිය නව දරුවා නිකුත්වීම පිළිබඳව නිල නිවේදනයක් එළැඹෙන ජූනි 14දා පවසනු ඇත. ඒ නිසා ඉදිරි සති කිහිපය මේ පිළිබඳව තවත් බොහෝ කටකතා  සහ ඕපදූප නිකුත් වන සතියක් වනු ඇත. මේ වන විට නිකුත් වූ විශ්වාස කළ හැකි පුවත් සේවා කිහිපයක් අනුව OnePlus 3 හි සංයුතිය කුමක් වේදැයි දැනට තොරතුරු මෙසේ ගොනු කළ හැකිය.

ඒ අනුව OnePlus3 හී සෙල්ෆි කැමරාවේ සේයාරූ සාම්පලයක්ද අන්තර්ජාලයෙන් සොයාගත හැක. A3000 සහ A3003 ලෙස මොඩලයන් දෙකකින් නිකුත් වන අතර ඒ මතක ධාරිතා අනුව සිදු කළ සංස්කරණයන් දෙකක් ලෙස දැක්විය හැකිය. බැටරිය පැයකට මිලි ඇම්පියර් 3000කට සකසා තිබේ. එසේම එය OnePlusටම ආවේණික OxygenOS3.1.0 මෙහෙයුම් පද්ධතියෙන් නිකුත් වනු ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් මගින් බලගැන්වෙනු ඇත. 

අඟල් 5.5ක AMOLEDතිරයක් මෙහි අන්තර්ගත වනු ඇත. එය ගිගාබයිට් 4ක රැම් අගයක් සහ ගිගාබයිට් 64ක මතක ධාරිතාවක් සමගින් සන්නද්ධ වනු ඇත. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 16ක් සහ ඉදිරිපස සෙල්ෆි වෙනුවෙන් සැකසූ ද්වතීයික කැමරාව මෙගාපික්සල් 8 කින් යුක්ත වන බවට සාධක ඇත. එසේම මේ සමග ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනරයක් සහ වර්ණ තුනකින් නිකුත් වනු ඇත. ඒ ළා අළු, කළු සහ රත්රන් වශයෙනි. එසේනම් OnePlus ලෝලීන් බලා සිටිත්වා.ada.lk

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.