2025 දෙසැම්බර් මස 13 ප.ව. 09:51 - {{hitsCtrl.values.hits}}
චීනයේ ෂැංහයි නුවර උද්භිත උද්‍යානයේ බලධාරීහු පසුගියදා කෘමිභක්ෂක ශාක ප්‍රදර්ශනයක් පැවැත්වූහ.
මෙහිදී, පියන් දෙකක් ආකාරයට ඇති කෘමීන් සිරකරගැනීමට සමත් Venus flytrap ශාක, කෘමීන් ගොදුරු කරගත හැකි කෙන්ඩියක ආකාරය දරන Nepenthes distillatoria(බාඳුරා) ඇතුළු ශාක කෘමිභක්ෂක ශාක වර්ග 250ක් පමණ ප්‍රදර්ශන කෙරිණි.ශ්‍රී ලංකාවේ සිංහරාජය, කන්නෙලිය වැනි වනාන්තරවල දක්නට ලැබෙන බාදුරා සහ චීනයේ පැවති බාදුරා විශේෂ අතර වෙනස්කම් මෙම ඡායාරූපවලදී දක්නට වෙයි. බාදුරා ශාකයේ පියන ලෙස පවතින කොටසෙහි විවිධ වර්ණ, නාරටි සහ හැඩ විවිධය.මෙම කෘමිභක්ෂණ ශාක ප්‍රදර්ශනය නැරඹීමට චීනයේ පාසල් ළමෝ, ගුරුවරු සහ සංචාරකයෝ පැමිණ සිටියහ.මෙය ෂැංහයි උද්භිත උද්‍යානය පැවැත්වූ දෙවන කෘමිභක්ෂක ශාක ප්‍රදර්ශනයයි.
(ෂිංහුවා
නෙට් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |