2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}
පෘථිවියේ පහළ කක්ෂයේ ස්ථාපනය කර ඇති පර්යේෂණ මධ්‍යස්ථානයක වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින, අභ්‍යවකාශගාමියකු මේ දිනවල ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලැව් ගිනි ඇවිලෙමින් තිබෙනු ඡායාරූප ගතකර තිබේ.
නාසා ආයතනයේ අභ්‍යවකාශගාමියකු වන ක්‍රිස් කැසිඩි විසින් මෙම ඡායාරූප ගන්නා ලදී. ඔහු අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියි.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ථාන350ක ලැව් ගිනි හටගනිමින් ඇති බව පවසමින් ඔහු සිය ට්විටර් ගිණුමේ ඡායාරූප පළ කර තිබිණි.
ගිනි නිවීමේ මෙහෙයුමෙහි යෙදී සිටින භටයන්, ආරක්ෂක අංශ සහ මුදාගැනීමේ නිලධාරීන්ට ස්තූති කරමින් සහ එම පෙදෙස්වල වෙසෙන මිනිසුන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බව ඔහු සඳහන් කර ඇත.
අධික ග්‍රීෂ්මය හේතුවෙන්, විශාල දුමාරයක් දක්වා ගිනි ඇවිලෙමින් තිබෙනු අභ්‍යවකාශයට දිස් වූ ආකාරය එම ඡායාරූපවල දැකගත හැකිය.
කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර මිලියන 1ක පමණ භූමි ප්‍රමාණයක් මෙම ලැව් ගිනි හේතුවෙන් පිළිස්සී විනාශ වී ඇතැයි පැවසේ. දැඩි සුළං හේතුවෙන් විශාල ප්‍රමාණයේ ගිනි ගැනීම් ව්‍යාප්තව ඇති බව වාර්තා වේ.
පසුගිය අගෝස්තු මාසය සහ නොවැම්බර් මාසය අතර කාලයේදී ඇති වූ ලැව්ගිනිවලට වඩා මේ වසරේ ලැව්ගිනි පැතිර ගොස් ඇතැයි පැවසේ.
(ද සන් ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ


ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |