2025 දෙසැම්බර් මස 14 පෙ.ව. 01:08 - {{hitsCtrl.values.hits}}
උද්භිද උද්‍යාන, සත්වෝද්‍යාන හා ජාතික වනෝද්‍යාන මහජනයා වෙනුවෙන් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.
නැවත විවෘත කෙරුණු ජාතික වනෝද්‍යාන සඳහා ඇතුළු කෙරෙන සංචාරක වාහන ප්‍රමාණය හා කණ්ඩායම් අඩකින් සීමා කළද ඊට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ අගයක පැවැති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙන සෞඛ්‍ය උපදෙස්වලට අනුව වනෝද්‍යාන තුළට සංචාරකයන් ඇතුළු කරගත් බවත්, ඒ අනුව ලබාදුන් සෞඛ්‍ය උපදෙස් මත සියලු සංචාරකයන් ක්‍රියාත්මක වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අදියර කිහිපයක් යටතේ මෙලෙස ජාතික වනෝද්‍යාන විවෘත කෙරෙන අතර ඒ අනුව එහි පළමු අදියර යටතේ යාල, විල්පත්තුව, උඩවලව, මින්නේරිය, කවුඩුල්ල, පරෙවි දූපත් සහ හෝර්ටන් තැන්න යන ජාතික වනෝද්‍යාන මේ වනවිට මහජනයා වෙනුවෙන් විවෘත කර තිබේ.එමෙන්ම වනෝද්‍යාන සඳහා ඇතුළත් කරන සංචාරකයන් සීමා කිරීමට ද තීරණය කර තිබේ.(wmdjbm)
ජාත්‍යන්තර බළල් දිනය අදයි
මානව වර් ගයාගේ වයස්ගතම සහ වඩාත්ම ආදරණීය සුරතල් සතෙකු වන බළලාට පැය 24 පුරාම පිළිගැනීමක් සහ ගෞරවයක් දැක්වීමටත් මෙම දිනය වෙන් කෙරේ Read more...
|
| diary Read more... |