2016 රාජ්‍ය නාට්‍ය උළෙල පෙබරවාරි 15 දා සිට ටවර් රඟහලේ දී..
- 2017-01-30 11:57:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය නාට්‍ය උළෙල 2017 පෙබරවාරි 15 දින සිට පෙබ. 24 දින දක්වා දිනපතා ප.ව. 6.00 ට මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය සදහා නාට්‍ය 10ක් තේරී ඇත. රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරුණු නාට්‍ය වේදිකාගත වන දින
පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ ආදරණීය වෙඩිල්ල
පෙබ. 16 - අඛිල සපුමල් ගේ ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ නැතුව බැරි මිනිහෙක්
පෙබ. 18 - ප්‍රියංකර රත්නායක ගේ ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ මා ඝාතෝ
පෙබ. 20 - අනුර විතානච්චි ගේ මාර හොරු
පෙබ. 21 - සමන් සොයිසා ගේ මීඩියා
පෙබ. 22 - විජිත් නුවන් ගේ සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - එස්.අයි. සමරක්කොඩි ගේ Love and Life
පෙබ. 24 - එම්.සුරින් චාමර මෙන්ඩිස් හා
නිෂාදි පලන්සූරිය ගේ Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස
Reply To:
Name - Reply Comment
0 Comments