ආනන්දයේ අභිමානය ඉදිරියට ගෙන යන සිඟිති බාලදක්ෂයෝ පදක්කම් ලබති
- 2019-02-19 11:18:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිඟිති බාලදක්ෂ පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැතිවිණි.
මතුගම කොට්ඨාස අධයාපන අධ්‍යක්ෂිකා එන් දසනායක මහ්ත්මිය සහා විද්‍යාලයේ විදුහල්පති රන්දුන් ජයලත් මහතා ද මේ සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් එක්ව සිටි අතර පදක්කම් ලාභී සිසු සිසුවියන් කැඳවාගෙන ඒම සඳහා ප්‍රාථමික අංශයේ බටහිර තූර්ය වාද්‍ය වෘන්දය කටයුතු කළේය..සංගීත අංශයේ අනුරාධා වෙරෝනිකා , සුමාලි ජයවර්ධන, සහ චමිලා නිලන්ති යන ගුරු මහත්මින් දරුවන් ඒ සඳහා පුහුණු කර තිබූ අතර
සිඟිති බාල දක්ෂ සහය දිසා කොමසාරිස් සමාරා විජේසුන්දර මහත්මියගේ සහ එස් විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙහිදී සතුට පදක්කම් ලාභීන් අට දෙනකුත් දිනුම පදක්කම්ලාභීන් හැත්තෑදෙදෙනකුත් සහතික පදක්කම් ලැබීය.
ප්‍රාථමික අංශයේ විදුහල්පති එස් ඒ ඩී පේමදාස මහතා ගේ උපදෙස් පරිදි සිඟිති බාලදක්ෂ අංශයේ ගයනි ජයවර්ධන,ඩබ්ලිව් කේ. ඩී. සඳමාලි , රාණී හේමලතා, රූපා නන්දනී, යන ගුරු මහත්මීන් ඇතුළු කණ්ඩායම විසින් මෙම උත්සවය සංවිධානය කළේය .
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
Reply To:
Name - Reply Comment
0 Comments