පරිපූර්ණ මිනිසකු වෙන්න නම් පොතේ පතේ දැනුමත්, විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ලබන අත්දැකීමත් වැදගත් -
- 2018-02-02 18:27:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපි දරැවන්ට ආදරය නිසා ලබා දෙන තාක්ෂණික උපකරණ දරැවන්ගේ විනාශයට හේතු වී තිබෙනවා. එම නිසා තාක්ෂණික උපකරණ දරැවන්ට ලබාදීමේ දී අප වඩාත් පරෙස්සම් විය යුතුයි. ස්මාර්ට් ජංගම දුරකථනවලින් දරැවන්ට ලොකු හානියක් සිදුවෙනවා.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, වයඹ විද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහචාර්ය කමල් විදානපතිරණ මහතා එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 141 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් එසේ කීය.
විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. වයඹ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා අංශයේ මහාචාර්ය කුමුදු පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. සිසුන් 635 දෙනෙකු සඳහා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදුවිය.
එහිදී තවදුරටත් අදහස් පළකර සිටි කමල් විදානපතිරණ මහතා මෙසේද කීය.
දරැවන් හානිකරයි කියලා දරැවන්ව තාක්ෂණික උපකරණවලින් ඈත්කර තැබීමට ක්‍රියා නොකළ යුතුයි. අන්තර්ජාලය සහ තාක්ෂණික උපකරණ දරැවන් පරිහරණය කළ යුතුමයි. ඒත් ඒවා දරැවන්ට ලබාදිය යුත්තේ මනා පාලනයක් ඇතිවයි. පාසලේදී මේවා මහා පාලනයකින් යුතුව දරැවන්ට ලබා දුන්නත් ගෙදර දී සහ සමාජයේ දී එසේ වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.
රටේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දරැවන්ට ළමා කාලය අහිමිකර තිබෙනවා. මේ තරගකාරී අධ්‍යාපනය තුළින් රටට අවශ්‍ය කරන පරිපූර්ණ මනසක් සහිත අනාගත පරපුරක් බිහිකර ගත නොහැකියි. මේ අධ්‍යාපන රටාවේ ලොකු වරදක් තිබෙනවා. පාසල් අධ්‍යාපනයේ නිරත දරැවන්ගෙන් විශ්වවිද්‍යාලය කරා යන්න ලැබෙන්නේ ඉතා ඉහළ මට්ටමින් සුදුසුකම් ලබාගත් සුළු පිරිසකට පමණයි. එලෙස විශ්වවිද්‍යාල කරා එන පිරිසෙනුත් සියයට අසූවකට තිබෙන්නෙ පොත පතේ දැනුම පමණයි. ඒක ලොකු අඩුවක්.
පොත පතින් ලැබෙන දැනුමෙන් පමණක් පරිපූර්ණ මනසකින් යුතු දරැවන් බිහි වෙන්නෙ නැහැ. ඒ සඳහා තවත් බොහෝ දේ එකතු කරගත යුතුයි. දරැවන් ඔවුන්ගේ කාලය හොඳින් කළමනාකරණය කරගෙන පොත පතින් දැනුම ලබා ගන්නවා සේම විෂය සමගාමී කටයුතුවල ද නිරත වෙමින් අනාගතයට මුහුණ දෙන්නට උත්සාහ කළ යුතුයි. දරැවන් පිළිබඳව බොහෝ සිහින මාපියන්ට තිබෙනවා. එහෙත් එම සිහින සැබෑ කරගැනීම සඳහා තම දරැවන් බලෙන් වැරුදි දිසාවන්ට යොමු නොකළ යුතුයි. එසේ කිරීම මහා ඛේදවාචකයක් විය හැකියි.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments