වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනයට පියවර
- 2018-08-22 13:24:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වැටිනාකම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීමට වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාන්තර තුළ ඇති ඛණිජ සම්පත් ආරක්ෂා කර ගැනිම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල ශක්තිමත් කිරීම, වනාන්තරවල එලදායිතාව වර්ධනය කිරීම හා ග්‍රාමීය ජනතාවගේ සුබ සාධනය සඳහා වනාන්තරවලින් ලැබෙන දායකත්වය ශක්තිමත් කිරීම යනාදී අරමුණු ඇතිව මෙසේ වන සංරක්ෂණ පනත සංශෝධනය කිරීමට නියමිතය.
මේ පිළිබඳව කෙටුම්පතක් සකස් කරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments