සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලිය මාතලේ බණ්ඩාරපොළ මහ විදුහලට ශූරතාවක්
- 2017-10-10 20:49:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් 26 වැනි වරටත් පැවති සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන නෙට්බෝල් තරගාවලියේදී මාතලේ බණ්ඩාරපොළ මහ විදුහල ළමුන් දහසකට අඩු පාසල් අතර පැවැත්වෙන බී කොටස නියෝජනය කරමින් 17න් පහළ ශුරතාව සහ 15න් පහළ තෙවන ස්ථානය දිනා ගනිමින් මෙවර (2017) බී කොටසේ වැඩි දක්ෂතා දැක්වීමට සමත්විය. මෙහිදි මෙවර බී කොටසේ 17න් පහළ දිවයිනේ දක්ෂතම නෙට්බෝල් ශුරිය ලෙස මාතලේ බණ්ඩාරපොළ මහ විදුහලේ සඳනි මල්ෂා වීරසිංහ සම්මාන ලැබුවාය.
මෙවර 17න් පහළ ශුරතාවට හිමිකම්කී බණ්ඩාරපොළ ම.වි. ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම 2015 වසරේ සිට අඛණ්ඩව මයිලෝ නෙට්බෝල් ශුරතා ත්‍රිත්වයකට හිමිකම් කීමද විශේෂත්වයකි. 2015 සහ 2016 වසරේදී 16න් පහළ මයිලෝ සමස්ත ලංකා ශුරතා හා මෙවර 2017- 17න් පහළ ශුරතාව දිනාගනිමින් එම ශුරතා ත්‍රිත්වයට බණ්ඩාරපොළ ම.වි ක්‍රීඩිකාවන්ට හිමිකම ලැබුණි.
මාතලේ දිසාවට මයිලෝ පාසල් නෙට්බෝල් ශුරතා දිනාදුන් මුල්ම හා එකම පාසල බවටද පත්ව සිටින බණ්ඩාරපොළ මහ විදුහල එම විදුහලේ නෙට්බෝල් ක්‍රීඩාව අරඹා වසර 6ක් තුළදි මයිලෝ සමස්ත ලංකා නෙට්බෝල් තරග වලදී 2013 වසරේ සිට මේ දක්වා ළමුන් දහසකට අඩු පාසල් අතර බී කොටසේ සමස්ත ලංකා ශුරතා තුනක්, අනුශුරතා තුනක් සහ තෙවන ස්ථාන තුනක් හිමිකරගෙන සිටිමද විශේෂත්වයකි. එම කාලය තුළදි ක්‍රීඩිකාවන් තිදෙනෙකු අවස්ථා 4කදී සමස්ත ලංකා පාසල් නෙට්බෝල් ශුරියන් ලෙස සම්මාන දිනාගැනීමද කැපී පෙනේ. 2015 - සඳනි මල්ෂා වීරසිංහ (16න් පහළ) අනුරාධි හංසිමා රත්නායක (18න් පහළ), 2016 - උපේක්ෂා චතුරංගනි දිසානායක (16න් පහළ) සහ 2017 - සඳනි මල්ෂා වීරසිංහ (17න් පහළ) සමස්ත ලංකා ශුරියන් ලෙස සම්මාන ලැබු එම ක්‍රීඩිකාවන්ය.
මෙවර 17න් පහළ ශුරතාවය දිනු බණ්ඩාරපොළ ම.වි පිල සඳනි මල්ෂා වීරසිංහ, තෙවැනි ස්ථානය දිනු පිල පවනි ජයරත්න මෙහෙයවුහ. මෙම කණ්ඩාවම්වල පුහුණුකාරිණි ක්‍රිෂ්ණි සිරිවර්ධන මහත්මියයි.
මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වු ක්‍රීඩා උපදේශිකා ක්‍රීෂ්ණි සිරිවර්ධන මහත්මිය මෙසේ කීවාය. කෙටි කලකදි මෙවැනි ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකිවීම ගැන අවංකවම සතුටු වෙනවා. ඇත්තටම මට මගේ දරැවෝ ගැන ඇත්තේ මහත් අභිමානයක්. මේ අභියෝග දුෂ්කරතා රුසක් මැද ආපු ගමනක්. මගේ දරුවෝ ඒ අභියෝග දුෂ්කරතා සැමදාම ජයගත්තා. මේ ගමනට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත් මාපියනුත් දක්වන සහයෝගය මම ඉතා අගය කරනවා. ඒ වගේම මේ ගමනට අපට දිරිදුන් පිරිස බොහෝ දෙනෙක් සිටිනවා. ඒ සැමටම මගේ ගෞරවය පුදකර සිටිනවා.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments