Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර අන්තර් ජාතික වෙසක් දිනය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇති අතර එයට සමඟාමීව අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් වෙසක් කලාපයක් පාර්ලිමේන්තුව අවට දියවන්නා ප‍්‍රදේශයේ දියත් කිරීමට බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙම මාධ්‍ය හමුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණි.

නවීන තාක්ෂණයෙන් යුත් වෙසක් කලාපය නිර්මාණය කිරීම සඳහා මේ වන විට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයත්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සමග එකතුව කටයුතු කරන අතර ම ඒ සියලු ආයතන සමග සාකච්ඡා කර අසේල ඉද්දවෙල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවලා තිබෙන බවත් අමාත්‍යවරයා කීය. 

ප‍්‍රධාන වෙසක් කලාපය අපේ ගම පරිශ‍්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ පැවැත්වෙන අතර දියවන්නාව ආශ‍්‍රිත ජලතලය රාත‍්‍රී කාලයේ දී විශේෂ ආලෝකකරණයක් සිදු කිරීමට නියමිත බවත්, දිවා කාලයේ දී ඒ සඳහා වෙසක්වලට ගැළපෙන ආකාරයේ කි‍්‍රයාවලියක් දියත් කරන්න බලාපොරොත්තු වෙන බවත් එය නව අත්දැකීමක් වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය මේ රටේ පැවැත්වීමට හැකියාව ලැබීම මේ රටට ඉතාමත් කලාතුරකින් ලැබුණු විශිෂ්ඨ අවස්ථාවක් බවත් අන්තර් ජාතික මට්ටමින් අනෙකුත් බෞද්ධ රටවල් සමග සහජීවනයක් ඇති කර ශක්තිමත් බලයක් හැටියට නැගී සිටින්නට අපට එමගින් අවස්ථාව ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.