Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබේ. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ ගාල්ල, කලුතර, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත්ව ඇති බවට හඳුනාගත් පුස්තකාල 18කට ලීබඩු උපකරණ හා පුස්තකාල පොත් ලබාදීමට කටයුතු යොදා ඇත.

මීට අමතර ව දිවයින පුරා පිහිටි පුස්තකාල අතරින්, හඳුනාගත් පාසල් පුස්තකාල 60ක් සහ පිරිවෙන් පුස්තකාල, ආරක්ෂක හමුදාව යටතේ පාලනය වන පුස්තකාල සහ විවිධ අමාත්‍යාංශ යටතේ ඇති පුස්තකාල 100කට අධික ප්‍රමාණයකට ‍පොත් ලබාදීමට ද සැලසුම් කර තිබේ.පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ද ලබා දී තිබෙන අතර එමෙන් ම කියවීම දිරිගැන්වීම වෙනුවෙන් පසුගියදා කලණ මිතුරු-පොත් සුමිතුරු වැඩසටහන ද පාසල් පද්ධතිය වෙත හඳුන්වා දෙනු ලැබුවාය.

(රජයේ නිල පුවත් සේවය)

ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා ලී බඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන ජුනි මස 13 වැනි දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.