බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට
- 2017-09-26 23:23:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එංගලන්තයේ බි්‍රස්ටල් නුවරදී ඇතිවූ කිසියම් සිදුවීමක් හේතුවෙන් එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව බෙන් ස්ටෝක්ස් සහ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සමගින් ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්‍ෂක ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා මාධ්‍යවේදින් හමුවේ පැවසීය.
සිදුවීම කුමක්ද යන්න විස්තර කර නැතත් ඊයේ රාත්‍රියේ ඇතිවූ සිදුවීම හේතුවෙන් බෙන් ස්ටෝක්ස් අත්ඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (25 වැනිදා) උදෑසනය.
එම සිදුවීම සිදුවීමෙන් අනතුරුව චෝදනා පත්‍ර භාරදීමකින් තොරව පරීක්‍ෂණ පැවැත්වෙන තුරු ඔහුව නිදහස් කර තිබූණි. එහෙත් ඊයේ උදයේ පරීක්‍ෂණ වලට මුහුණදීම සඳහා ස්ටෝක්ස් කැමැත්තෙන්ම බි්‍රස්ටල් බලා ගියේය. ඇලෙක්ස් හේල්ස්ද මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී බෙන් ස්ටෝක්ස් සමගින් සිට තිබේ.අපිට මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් පැවසිමට නොහැකි බව මේ අවස්ථාවේදී ඔබලා තේරූම් ගත යුතුයි. නමුත් අපිට පුළුවන් හැකි ආකාරයෙන් විස්තර ලබාදීමටත් අපි කටයුතු කරනවා යැයි ස්ටොස් මහතා වැඩිදුරටත් පැවසීය.
ඕස්ටේ්‍රලියාවේදී පැවැත්විමට නියමිත අළු බඳුන ටෙස්ට් තරගාවලිය සදහා සංචිතය නම් කිරීම හෙට සිදුකිරීමට නියමිත බවත් ඩර්හෑම් තරුව ස්ටෝක්ස් සහ නොටින්හැම්ෂයර් පිතිකරු හේල්ස් පිළිබඳව තේරීම කම්ටුව හොදින් හිතා මතා තීරණයක් ගනු ඇති බවත් ස්ට්‍රෝස් මහතා පැවසීය.
(ලංකාදීප ඇසුරින්) Pic soure: .independent
Reply To:
Name - Reply Comment
0 Comments