පුවත්

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය කෙරේ

2017 සැප්තැම්බර් 14 වැනි බ්‍රහස්පතින්දා - 177  

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  (13දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දි පැවැත්විණි.  අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.

7 වන වරටත් පැවැති මෙවර පදක්කම් ප්‍රදානෝත්සවයේදී දිස්ත්‍රික්ක 09 කින් පාසල් 16 ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනෙක් ජනාධිපතිතුමා අතින් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලැබූහ. විශේෂ කුසලතා දැක්වූ පාසල් හා ගුරුවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි. 

2001-2016 කාලය තුළ පාසලකින් බිහි වූ වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් සංඛ්‍යාව වූ 73 දෙනෙකු මව් බිමට දායාද කළ හම්බන්තොට තංගල්ල බාලිකා විද්‍යාලය සහ දෙවැනි වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභින් බිහිකළ කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට උපහාර තිළිණ ලැබීය. මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Niy (1) Niy (2) Niy (3) Niy (4) Niy (5) Niy (6) Niy (7) Niy (8) Niy (9) Niy (10) Niy (11) Niy (12) Niy (13) Niy (14)

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...