entertainment

රොක් ගායක ටොම් පෙටී දිවිය නම කරයි

2017 ඔක්තෝබර් 05 වැනි බ්‍රහස්පතින්දා - 13  

රොක් ගායන ශිල්පියෙකු හා සංගීතඥයෙකු වූ ටොම් පෙටී මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 66ක් වූ අමෙරිකානු ජනතාවගේ හදවත් දිනාගත් ජනප්‍රිය ගායකයෙක් විය.  කැලිෆෝනියාවේ මැලිබූ නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී හෘදයා බාධයක් ඇති වීම නිසා ඔහු මියගොස් තිබේ. හෘර්දයා බාධය ඇති වූ අවස්ථාවේ දී ඔහුව රෝහල වෙත ගෙන ගියත් බේරාගත නොහැකි වූ බව පවුලේ ඥාතීන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි.

1950 වසරේ ඔක්තෝම්බර් මාසයේ 20 වැනි දා ෆෝලෝරීඩාහි ගෙයින්ස්විල්හිදී උපත ලද ටොම් පෙටී අසූව දශකයේ ලොවපුරා ජනප්‍රිය වූ ගීත අතරින් ඇමෙරිකන් ගර්ල්, බ්‍රේක් ඩවුන්, ෆ්‍රී ෆැලන්, ලර්නින් ටූ ෆ්ලයි ඇන්ඩ් රෙෆියුජි යන ගීත ඔහුගේ ගීත අතරින් රසික හදවත් තුළ ලැඟුම් ගත් ජනප්‍රිය ගීත විය. 1991 වසරේ දී එළි දැක්වූ ෆුල් මූන් ෆීවර් සහ වයිල්ඩ් ෆ්ලවර් යන ගීත ඇල්බම ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණි.

ටොම් පෙටී - 1950-2017