entertainment

හා හා හරි හාවා' කාටූන් ශිල්පියා සමු ගනියි

2017 දෙසැම්බර් 26 වැනි අඟහරුවාදා - 185  

'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී'  'බග්ස් බනී' ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. මිය යන විට 99 වැනි වියේ පසු වූ ඔහු හැට වසරකට කාලයක් තම වෘත්තීය ජීවිතය තුළ දී  ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර තිබේ. 'ටොම් ඇන්ඩ් ජෙරී' (Tom & Jerry ) සහ 'ඩැෆී ඩක්' (Daffy Duck) ද ඔහු අතින් නිර්මාණ කාටූන් චරිත වේ.

1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් 'ඩොනල්ඩ් ඩක්' (Donald Duck) සහ 'ස්නෝ වයිට්' (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු කළේය. 1940 වසරේ දී වොනර්ස් බ්‍රදර්ස් සමාගමට එක් වූ ඔහු 'බග්ස් බනී' චරිතය ප්‍රතිනිර්මාණය කිරීමත් සමග ප්‍රසිද්ධියක් දිනා ගත්තේය.

 'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' (Bugs Bunny) ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකගේ කුඩා අවදියේ  ජනප්‍රියතම කාටූන් චරිතයකි.

කාටුන් සිතුවම් - අන්තාර්ජාලයෙනි

ලංකාවේ ජනප්‍රිය වූ හා හා හිරි හාවා   -( ජාතික රූපවාහිනිය) ​

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...