පුවත්

අද ලෝක ළමා දිනයයි-සොඳුරු ළමා ලොව රකින්න - වැඩිහිටියනි දෑත දෙන්න

2016 ඔක්තෝබර් 01 වැනි සෙනසුරාදා - 1510  

අපේ ළමා ලෝකය සුන්දරයි, ලස්සනයි ,පිවිතුරුයි, වැඩිහිටියන් කියන්නේ ළමයින් මල් වගේ කියලනේ,ඒත් අපේ ඒ ලස්සන ළමා ලෝකය සමහර වෙලාවට අසුන්දර වෙනවා. එහෙම වෙන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපයන් නිසා. අපේ සුන්දර ළමා ලෝකය රුක ගන්න උදවු කරන්න ඕනෑ වැඩිහිටියනුයි. ඒ වගේම අපිත් අපේ ළමා ලෝකය සුන්දර කරගන්න ඒ අයගේ උදව් ලබා ගන්න ඕනෑ. මෙවර ලෝක ළමා දිනයේ තේමාවෙන් කියවෙන්නෙත් එයමයි.  

ළමයා කියන්නේ ශරීරයෙන් කුඩා පුද්ගලයාට නෙමෙයි. ළමයා යන්නට දී ඇති සරලම නිර්වචනය වන්නේ ‘වයස අවුරුදු 18ට අඩු ගැහැනු හා පිරිමි සියලා දෙනා ළමයි යන්නයි. ළමයින්ට ජාති, ආගම්, කුල, වර්ණ භේද කිසිවක් අදාළ නෑ. මේ නිර්වචනයට අයිති වන කවුරැත් ළමයි.

ළමා ලෝකය සුන්දරයි, සැහැල්ලුයි කියලා හැඳින්නුවාට හැම වෙලාවෙම හැම ළමයාගේම ලෝකය සුන්දර වෙන්නේ නෑ. විවිධ හේතු නිසා අපේ ලෝකය අසුන්දර වෙනවා. අපට නොයෙක් හිරිහැරවලට මුහුණ දෙන්න සිදුවෙනවා. පීඩාවට පත්වෙන අවස්ථා බොහොමයි. අපට මේ වගේ තර්ජන ඇති වන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරම් නිසා. අපේ ලෝකය අසුන්දර කරන්න ඒ අය කරන කියන දේවල් බලපානවා. ඒ නිසා අපි අපේ වැඩිහිටියන් ක්‍රියා කරන ආකාරය ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනෑ. අවධානයෙන් ඉන්න ඕන.
 

ලෝකත ළමා දිනය නිමිත්තෙන් අද රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය,ශ්‍රී ලංකා පොලීසිය ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයත රැසක් ළමා දින වැඩසටහන් පවත්වනු ලබයි..

DSC08859

 

 

 

 

 

 

 

 

 

 

 

වලල්ලාවිට

DSC_3875

 

 

 

 

 

 

 

 

 

 

 

 

විහාර මහා දේවි උද්‍යානය

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...