පුවත්

මහා සිනමාවේදියා සමුගනියි

2018 අප්‍රේල් 30 වැනි සඳුදා - 87  

ශ්‍රී ලාංකික සැබෑ සිනමාවේ පියාණන් වූ ලොව ජීවත්වූ ජ්‍යේෂ්ඨතම සිනමාවේදියා ලෙස සැළකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා (29දා) රාත්‍රීයේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1956 වසරේදී නිර්මාණය කරන ලද රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස පිළිගනිති.

මෙරට සිනමාව අන්තර්ජාතික තලයේ මුල්වරට තැබුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාය.1919 අප්‍රේල් මස 05 දින කොළඹ දෙහිවල දී උපත ලැබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූහ. පුවත්පත් කලාවේදියකු ලෙස ඔහුගේ මුල්ම රැකියාව විය.  එංගලන්තයට ගිය ලෙස්ටර් එහිදී පුවත්පත් කලාවේදියකු ලෙසත් කටයුතු කළේය.  එන්ගලන්තයේ දී කෙටි චිත්‍රපට කිපයක් ද නිර්මාණය කරන ලද අතර එම චිත්‍රපට ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබිණි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ සන්දේශය, ගම්පෙරලිය, ගොලු හදවත, නිධානය, දෙලොවක් අතර අහසින් පොළොවට, මඩොල්දූව, වීර පුරන් අප්පු, බැද්දේගම, යුගාන්තය, කලියුගය, අවරගිර, වෑකන්ද වලව්ව, අම්මාවරුනේ වැනි සෑම සිනමා කෘතියක්ම ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වනුයේ ප්‍රවීණ සිනමා වේදී සුමිත්‍රා පීරිස් මහත්මියයි. ලෝක සිනමාවට කළ සේවය වෙනුවෙන් ප්‍රංශය, ඉන්දියාව,ජපානය ඇතුලු රටවල් රාශියකින් ගෞරව බහුමානයෙන් පුදන ලදී. 

1919 අප්‍රේල් 5 වැනිදා දෙහිවලදී ෆැරැන්සිස් පීරිස් මහතාට හා ඈන් ගෙස්ට්යට් විනිෆ්‍රච් ජයසූරිය මහත්මියගේ පුතණුවන් ලෙස ආචාර්ය පීරිස් මහතා උපත ලැබීය. පියා වෛද්‍යවරයකු වූ අතර මව උපාධිධාරිනියක වූවාය. ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට එරිකා, අයිවන් සහ නොයෙල් යනුවෙන් සහෝදර සහෝදරියෝ තිදෙනෙක් වූහ.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හෙතෙම 17 වැනි වියේදී ජීවන වෘත්තිය ලෙස පුවත්පත් කලාව තෝරා ගත්තේය. ඔහු ප්‍රථමයෙන්ම ඬේලි නිව්ස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කළේය.

1939දී ඔහු ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතෙහි ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ද කෙටි කලක් වැඩ කළේය.       
     
1947 වසරේදි එංගලන්තයට ගොස් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරීය. 1952 වසරේදී නැවැත ලංකාවට පැමිණි ලෙස්ටර් මහතා රජයේ චිත්‍රපට අංශයේ කළමනාකරුවකු වශයෙන් සේවය කළ විලී බ්ලෙක් හා ටයිටස් තොටවත්ත මහත්වරුන් සමග එකතුවී වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් විය. එම උත්සාහය දේශීය සිනමාවේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් විය.  එහි ප්‍රථිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කරගත් රේඛාව චිත්‍රපට නිර්මාණය කළේය. එළිමහනේ රූගත කළ පළමු සිංහල සිනමා පටයද එය වේ.

අනතුරුව ඔහු අතින් තවත් විත්‍රපට රාශියක්ම නිර්මාණය විය. සංදේශය, ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය, දෑසනිසා, මඩොල්දූව, අහසින් පොළවට, වීර පුරන් අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වළව්ව ආදි සිනමාපට අධ්‍යක්‍ෂණය කළ අතර 2006 වසරේදී තිරගතවූ අම්මාවරුනේ සිනමාපටය ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ අවසන් සිනමා පටයවේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1975 වසරේදී ද ‘ගෝඞ් කිං’ නැමැති ඉංග්‍රීසි සිනමාපටය අධ්‍යක්‍ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්‍ෂණය කර ඇත. ඔහුගේ සිනමාපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබීය.

1981 වසරේදී  බැද්දේගම සහ යුගාන්තය යන චිත්‍රපට දෙකම ප්‍රංශයේ කෑන්ස් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර බැද්දේගම චිත්‍රපටය එම වසරේදීම ලන්ඩන් සිනමා උළෙලද නියෝජනය කළේය.

යුගාන්තය සිනමා පටය මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, එයට මෙරටදී හොඳම අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද හිමිවිය.

1997 වසරේදී ගෝල්ඩන් ලයන් සම්මානය, 2000දි දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේදී මයුර සම්මානය, 2001 වසරේදී ආසියානු සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්වර්ණ පද්ම සම්මානය සහ 2002 දී ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ සම්මානයද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවිය.

1964 වසරේදී ප්‍රවීන සිනමාවේදීනි සුමිත්‍රා ගුණවර්ධන (පසුව පීරිස්) මහත්මිය සමඟ විවාහ විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.  

 

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...