entertainment

‘ඒත් අපි පියාඹමු’ සස්කෘතික උළෙල යාපනයේදී

2016 ඔක්තෝබර් 04 වැනි අඟහරුවාදා - 74  

යාපනයේ පාසල් දරු දැරියන්ට ඇතුලු සියලු දෙනාට නව අත්දැකීමක් වශයෙන් ‘ඒත් අපි පියාඹමු’ සස්කෘතික උළෙල මේ දිනයන්හි යාපනය ඉගංකෙයි වේදන් කලා පාසල් පරිශ්‍රෙය්දී පැවත්වෙයි.

පසුගිය 30 වන දා සිට ඔක්තොම්බර් 02 දා දක්වා පැවත්වෙන මෙම සංස්කෘතික කලා උළෙලේදී ප්‍රධාන වශයෙන් චිත්‍රපට කිහිපයක් විවාදාත්මක වැඩසටහන්, වීදි නාට්‍යයන් ,ඡායාරූප හා පොත් ප්‍රදර්ශනයන් , කවි රසාස්වාදය හා විචාරය මෙන්ම සාම්ප්‍රදායික් බෙර වාදන සන්දර්ශනයන්ද පැවත්වුණී.

මේ අනුව ‘යුද්දය සහ සිනමාව පිළිබඳ විවාදාත්මක වැඩසටහනක්, සාහිත්‍යමය වටිනාකමකින් යුත් චිත්‍රපට වන කේසවරාජන්ගේ අම්මා නල්ලම්මා නොහාත් අම්මා සුවෙන්ද , බාලු මහේන්ද්‍රන්ගේ තලෙයි මුරෙයිගල් නොහොත් පරම්පරාවද ,ධර්මසේන පතිරාජගේ පොන්මණි චිත්‍රපටයද , වෙනසක තාරුණ්‍ය විදහා දැක්වෙන වීදි නාට්‍යද, කුලවාදය හා ජාතිවාදය සම්බන්ධයෙන් සංවාදයක්, සිංහල දෙමළ කවිය පිළිබඳ සංවාදයක්, කාටූන් ප්‍රදර්ශනයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක්ද මේ අතර විය.

සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කළ ‘ඒත් අපි පියාඹමු’ සස්කෘතික උළෙල් මෙම සියලු අවස්ථාවන් වෙනුවෙන් යාපනයේ පාසල් රැසක සිසු සිසුවියන් මෙන්ම සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයක් පැවති අතර මෙම අවස්ථාවන් සඳහා ජ්‍යේෂට සිනමා රචකයින් කතිකාචාර්යවරුන් ඇතුලු පිරිසකගේද ,කවීන් ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

5 06 11 12 14 IMG_4588 POETRY DISCUSSION (1) POETRY DISCUSSION (3)

 

දින පොත
  • සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය එකට ගමන් කළයුතුයි - ජනපති රටේ සහ මතු පරපුරේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් සංවර්ධනයත්, පරිසර සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය Read more...
  • තෙත් බිම් සිතුවම් තරගයට සිතුවම් භාර ගැනේ ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ Read more...
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 -----------------තරගය අවසන්--------------------------- පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019                         තරගය අවසන් සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...