ස්ථාන

පොලොන්නරුවේ ඓතිහාසික ස්ථාන

2018 දෙසැම්බර් 14 වැනි සිකුරාදා - 54  

නිශ්ශංක ලතා මණ්ඩපය

පොලොන්නරැ දළදා මළුවේ ථූපාරාම ප්‍රතිමා මන්දිරයට උතුරැ දෙසින් නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටා ඇත. මෙය පොලොන්නරැවේ රජ කළ නිශ්ශංකමල්ල රජුගේ නිර්මාණයකි. රජු පිරිත් ශ්‍රවණය කිරීම සඳහාත්,  දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහාත් මෙම මණ්ඩපය යොදා ගෙන ඇත. ඒ බව අභිලේඛ මූලාශ්‍ර මගින්ද තහවුරැ වී ඇත.  ගල් ගරාදි වැටකින් වට කරන ලද මෙම මණ්ඩපය අපූර්ව නිර්මාණයකි. මෙම ගල් වැට ඇතුළත ගලින්ම නිර්මිත වේදිකාවකි. වේදිකාව වටා කළු ගලින් නිම කළ ගල් ටැම් කිහිපයක් දක්නට ලැබේ. ගල් ටැම් වලින් වට වූ වේදිකාව මධ්‍යයේ කුඩා චෛත්‍යයක් දක්නට ඇත. පේසා වළලු වලින් හා ගර්භයකින් යුතු වූ දාගැබ මත පිරිත් දේශනයේ දී වැඩමවන ධාතු කරඬුව තැන්පත් කරන්නට ඇතැයි සැලකේ. දාගැබ වටා අංජලී මුද්‍රා සහිත මානව රෑ කැටයම් කොට ඇත.

පොත්ගුල් ප්‍රතිමාව

පොලොන්නරැව නගරයේ සිට පරාක්‍රමසමුද්‍රය බැම්ම ඔස්සේ කිලෝමීටරයක් පමණ දුරක් යන විට පොත්ගුල් විහාරය අසල ගල් කුළක මෙම ප්‍රතිමාව නෙළා ඇත. පිහිටි කළු ගලෙන් මතු කර ඇති ප්‍රතිමාව පිටුපසින් එය නෙළා තිබෙන ගල හා සම්බන්ධ වේ. ප්‍රතිමාවෙන් ප්‍රතාපවත් දේහධාරී මිනිසකු නිරෑපණය කරයි. ශරීරය සෘජුය. මානව ප්‍රමාණයට වඩා විශාල ශරීර ලක්ෂණ පෙන්නුම් කරයි. රෑපය තරමක් විශාල ලෙස කැටයම් කර ඇතත් දක්ෂ ලෙස ශාරීරික ලක්ෂණ නිරෑපණය කර ඇත. ඉඳුරන් උපශාන්ත බවක් පෙන්වයි. ප්‍රතිමාව වෘද්ධ හා ගාම්භීර භාවයෙන් පිරිපුන්ය.  උඩුකය නිරැවත්ය.  නළල් තළය පුළුල්ය. උරය පළල්ය. ළයමඬල හා බාහු යුග්මය මනා පෞරැෂයකින් සමන්විතය. උඩුකයේ ඇති පූන නූල ශරීරයේ දැකිය හැකි එකම ආභරණයයි. සිරැරේ බර වම් පාදයට යොමු කොට ඇත. දෑතින් දරා ඇති දේ මත ප්‍රතිමාව පිළිබඳ විවිධ අදහස් දැක්වීමට විචාරකයන් පෙලඹී ඇත. ප්‍රතිමාවෙන් විදහා දැක්වෙන්නේ කවුරැන්ද යන වගට තවමත් නිශ්චිත අදහසක් නැත. එච්. සී.පී. බෙල් මහතා පවසන්නේ මෙයින් යම්කිසි ආගමික ආචාර්යවරයෙකු නිරෑපණය වන බවයි.  ඇතැම් විට මෙය පුලස්ති හෝ කපිල සෘෂිවරයාගේ පිළිරැවක් විය හැකි බවටත් එතුමන් පවසයි. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වන්නේ මෙමඟින් සෘෂිවරයෙකු නිරෑපණය වන බවයි. මහාචාර්යය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ දෑතේ ඇති දෙයින් රාජ්‍යත්වය සංකේතවත් වන බවයි. දෑතේ රඳා පවතින්නේ එබඳු වියගසක් බවත් මෙය රජ රැවක් බවත් එතුමන්ගේ අදහසයි. පරාක්‍රම සමුද්‍රයට යාබඳව නෙළා ඇති නිසා රට අහරින් ස්වයංපෝෂිත කළ මහා පරාක්‍රමබාහු රජුගේ පිළිරැව විය හැකි බවටත් එතුමා තවදුරටත් අදහස් දක්වා ඇත. කිනම් මත ඉදිරිපත් වී ඇතත් පොදුවේ ගත හැකි අදහස නම් මෙම ප්‍රතිමාවෙන් පොලොන්නරැ යුගයේ ගල් වඩුවාගේ ශිල්පීය ඥානය හා කුසලතාව මැනවින් විදහා දැක්වෙන බවයි.

දින පොත