ලොව වටා

සතුන්ගේ ආරක්ෂාවට ගැලපගෝස් දූපතේ ගිනි කෙළි තහනම්

2019 ජනවාරි 10 වැනි බ්‍රහස්පතින්දා - 62  

ඉක්වදෝරයට අයත්ව පිහිටි ගැලපගෝස් දූපත්හි වෙසෙන සුවිශේෂී සතුන්ගේ ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් එහි ගිනි කෙළි දැල්වීම තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

එහිදී විශේෂයෙන්ම මෙම ගිනිකෙළි නිසා ඇති වන ආලෝකය මෙම සතුන්ට අහිතකර වීම මූලික වී ඇත. කෙසේ වෙතත් මෙම තහනමේදී ගිනිකෙළි වලින් පිට වෙන ශබ්දය ඊට ඇතුළත්වී නොතිබීමද විශේෂත්වයකි. පසුගියදාට යෙදුණු නව අවුරුදු උදාවට සමගාමීව මෙම නව නීතිය පැනවී ඇත.

මෙම නීතිය අනුව ගැලපෙගෝස් දූපත තුළ ගිනි කෙළි භාවිතය, අලෙවිය හෝ ගිනිකෙළි කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම තහනම් වී තිබේ. එසේම දූපත වෙත ගිනිකෙළි ආනයනය කිරීමත් තහනම්ය. මෙවැනි ගිනිකෙළි හා සම්බන්ධ අවස්ථා නිසා බොහෝ සතුන්ගේ හදවත් ගැහෙන වේගය වෙනස් වන බවත්, ස්නායු සම්බන්ධ ආතති තත්ත්වයන් ඇති වන බවත් හදුනාගෙන ඇත. ඒ අනුව මෙම තත්ත්වයන් ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස් කිරීමට හේතු වී ඇති අතර, එය මේ ලෝක උරුමයක් වන ගැලපගෝස් දූපතේ සත්ත්ව ප්‍රජාවට හානිදායක වී ඇත.

ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත මෙම ගැලපගෝස් දූපත තුළ විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙයි. ඒ අතරින් නව අවුරුදු උදාවේදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම සාම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන විත් තිබේ. එහෙත් මේ ගිනි කෙළි නිසා ගැලපගෝස් දූපත වැනි ඉහළ සංවේදිතාවක් පවතින පරිසර පද්ධතීන් වෙත හානිය ඉහළ බව බලධාරීන්ගේ අදහසයි. මෙලෙස දූපත තුළ ගිනි කෙළි භාවිතය අවම කිරීමේ වැඩසටහන පළමුවරට ඇරඹුනේ 2017 වසරේදීය. 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...