ලොව වටා

ගෙවත්තේ පස හඳුනා ගෙන වගා කරමු

2016 ඔක්තෝබර් 17 වැනි සඳුදා - 863  

සාර්ථක වගා බිමක් පවත්වා ගැනීම සඳහා පසෙන් ලැබෙන්නේ විශාල උපකාරයකි. ගෙවත්තේ පස හඳුනාගෙන වගා කළ විට සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. ඔබේ ගෙවත්තේ ඇති පස කෙබඳු ද.? මදක් සෙයා බැලුවොත් ඔබට පිළිතුරක් ලැබෙනු ඇත. බොරලු පස්, මැටි පස්, කළු පස්, පොහොර පස්, නිසරැ පස් ඔබේ පිළිතුරැ මින් එකක් වන්නට පුළුවන.ගෙවත්තේ ඇති පස නිවැරදිව හඳුනා ගන්නේ කොහොමද.? අද අපි මේ ගැන තොරතුරැ සොයා බලමු.

gayatri art1

පසයි පැළෑටියි

පැළෑටියක් ජීවත් වන්නේ පස ආධාර කරගනිමිනි. පස යනු පෘථිවියේ ඉහළම ස්තරයයි. එනම් මතුපිට වැස්මයි. මෙය සෙබා දහමේ අපූරැ දායාදයකි. පස සෑදෙන්නේ දීර්ඝ කාලීනව සිදුවෙන පාෂාණ ජීර්ණයක ප්‍රතිඵලයක් වශයෙනි.

පස් පිඩැල්ලේ පරීක්ෂණය

මෙම පරීක්ෂණය සඳහා හිස් ජෑම් බෝතලයක්, ලොකු බීකරයක්, හෝ විනිවිද පෙනෙන භාජනයක් අවශ්‍යය. ජෑම් බෝතලයෙන් භාගයක් ජලයෙන් පුරවන්න. ගෙවත්තෙන් ලබා ගන්නා පස් පිඩැල්ලකින් කොටසක් ජෑම් බෝතලයට දමන්න. පස් පිඩැල්ල හොඳින් ජලයේ දියවන්නට හරින්න. පැය දොළහක් පමණ තබන්න. එවිට ජෑම් බෝතලය තුළ පස් තැන්පත්වන අයුරැ ඔබට දක්නට පුළුවන.  

මේ අන්දමට ප්‍රධාන වශයෙන් පස් වර්ග තුනක් අපට හඳුනා ගත හැකිය. එහෙත් පස විශ්ලේෂණය කිරීමේ දී ශ්‍රී ලංකාවේ පස් වර්ග රුසක් දක්නට ලැබේ.

වැලි පස

1_1

පරීක්ෂණයට අනුව බීකරයේ වැලි ප්‍රතිශතය වැඩි නම් ඔබේ ගෙවත්තේ ඇත්තේ වැලි පසකි. වැලි පසෙහි ජලය රුදීම අඩුය. ජල වහනය වැඩිය. පෝෂකය රඳවා ගැනීම අඩුය. එනිසා පසෙහි සාරවත් බව අඩුය. එම පසෙහි වගා කටයුතු කිරීම තරමක් අපහසුය. වැඩි පෝෂක අවශ්‍ය නොවන බෝග කිහිපයක් සඳහා වැලි පස සුදුසුය. තල්, පොල් හා රටඉඳි මීට නිදසුන් වේ.

ලොම් පස

වැලි පසට හා මැටි පසට සාපේක්ෂව බෝග වර්ධනයට සුදුසු පසකි. ජල වහනය, ජල ධාරිතාව, ජලය රඳවා ගැනීම, ඉහළ මට්ටමක පවතී. සාරවත්ය. පසෙහි අඩංගු කාබනික ප්‍රමාණය වැඩිය. ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක ඇත. ගොඩ බෝග රුසක් වගා කිරීමට ලොම් පස උචිතය.

මැටි පස

බීකරයේ මැටි ප්‍රතිශතය වැඩි නම් එය මැටි පසක් සහිත ගෙවත්තකි. මැටි පස ඇලෙන සුලුය. ඉක්මනින් ඉරි තලා යයි. තරමත් සාරවත්ය. ජලය රඳවා ගැනීම වැඩිය. ජලය බැසයාම දුර්වලය. වගා කටයුතු කිරීම අපහසුය. වගා උපකරණ මඩෙහි එරෙයි. වී ගොවිතැනට ඉතා යෝග්‍යය. මීට අමතරව කොහිල, ගහල, දිය හබරල, නෙලුම්, ආදිය හොඳින් වැවේ.

1පාංශු ජලය

පාංශු අවකාශය තුළ ජලය රුඳී ඇත. ජලයේ ප්‍රධාන කාර්ය වන්නේ ශාක මුල් කරා ශාකයට අවශ්‍ය පෝෂක සැපයීමයි.

පාංශු වාතය

වාතය රුඳී ඇත්තේ අවකාශයේය. එබැවින් ජලය අඩු වූ විට වාතය අඩුවේ. වියළි පසක අඩංගු ජල ප්‍රමාණය අඩුය. වාතය ප්‍රමාණය වැඩිය. වාතයේ ප්‍රධාන කාර්ය වන්නේ ක්ෂුද්‍ර ජීවීන් හා ශාක මුල්වලට ස්වාභාවිකව අවශ්‍ය ඔක්සිජන් ලබා දීමය.

වගාවට සුදුසු පසක් සෑදීම

පරීක්ෂණයට අනුව මැටි හා වැලි අධික පසක් නම් කාබනික ද්‍රව්‍ය මුසු කිරීමෙන් බෝගවලට සුදුසු පසක් නිර්මාණය කර ගත හැකිය. දිරාපත් කොම්පෝස්ට්, ගොම, කුකුළු පෙහොර, බෝග අවශේෂ, පිදුරැ, දහයියා අඟුරැ ඊට යෝග්‍ය වේ. එමගින් පසේ සරැ බව දියුණු කර ගත හැකිය. පසෙහි ඇති දුර්වලතා මග හැරී පස සාරවත් බවට පත්වේ. මැටි පසක් ඊට වැලි ද වැලි පසක් නම් එයට මැටි ද එකතු කරන්න.

පසේ වර්ණය

  • රතු පස් වලින් හා දුඹුරැ පැහැයෙන් යුතු පස්වලින් පෙන්නුම් කරන්නේ පසේ මනා ජල වහනයක් ඇති බවය.
  • කහ අළු පැහැ හෝ ඇති බව පෙන්වන පස දුර්වල ජල වහනයක් පෙන්නුම් කරයි.
  • පස කළු පැහැයට හුරැ නම් එම පසෙහි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි ය.
  • කාබනික ද්‍රව්‍ය ඇති පස තද දුඹුරැ හෝ කළු පැහැයෙන් යුක්තය. මේ අන්දමට පසේ වර්ණය අනුව පසේ සාරවත් බව ගැන අදහසක් ලබා ගත හැකිය.

පස සෝදා පාළුව වැළැක්වීමට

  • යාන්ත්‍රික ක්‍රම
  • ගල් වැටි බැඳීම
  • කාණු කැපීම
  • සුළං බාධක සිටුවීම
  • සැවැන්දරා හෝ අන්දර වැනි ශාක සිටුවීම

ශස්‍ය විද්‍යාත්මක ක්‍රම

  • පිඩැලි ඇල්ලීම
  • ආවරණ බෝග සිටුවීම
  • ගල් වැටි, වැලි වැටි දැමීම

වැඩි විස්තර සඳහා- විජය ළමා පුවත්පත කියවන්න

දින පොත
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...
  • CITES අන්තර් ජාතික සම්මුතිය වෙනුවෙන් පවත්වන සොබාදම් මව උදෙසා චිත්‍ර තරගය 2019 මැයි සහ ජුනි මාසයෙන්හි පැවැත්වීමට නියමිත තර්ජනයට ලක්වී ඇති වන සතුන් හා ශාක විශේෂවල අන්තර් ජාතික වෙළ හෙළදාම (CITES) පිළිබඳ (සයිටීස් සම්මුතිය)සම්මුතියේ අදාල පාර්ශවකරුවන්ගේ 18 වන සමුළුවට (CoP 18) සුදානමක් වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පාරිසරික අධ්‍යන අංශය විසින් මෙහෙවනු ලබන පාසල් සිසු සිසුවියන්ට විවෘත සිතුවම් තරගය Read more...