පාසල් පුවත්

හිස් වෙස් තැබීම හා කලඑළි මංගල්‍යයක්

2019 මාර්තු 12 වැනි අඟහරුවාදා - 8  

බළන්ගොඩ ඉඹුල්පෙ මාමල්ගහ ශ්‍රී ජිනජෝතිකාරාම පුරාණ විහාරස්ථ පුබුදු කලායතනයේ නර්තන ශිල්පය හැදෑරෑ පළමු කණ්ඩායමේ සිසුන් හට හිස් වෙස් තැබීම හා කලඑළි මංගල්‍යය පසුගිය දා යෙදුණු සුබ  මොහොතින්  උඩරට අමරපුර නිකායේ සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදි පණ්ඩිත  රත්මලවින්නේ  පුඤ්ඤානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරැවනේ නර්තනාචාර්ය ඩබ්ලිව්.ජගත් ධම්මික ගුරැතුමාගේ සහභාගිත්වයෙන්  එම විහාරස්ථානයේ දි පැවැත්වුණි. උත්සවය අවසානයේ සැමට සෙත් පතා ගරා යක් ශාන්තිකර්මය ද පැවැත්වුණි.
මේ අවස්ථාවට ඉඹුල්පෙ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ගරැ ලේඛකාධිකාරි රත්මලවින්නේ සුමේධානන්ද හිමියන් ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් උදය ඇමිටියගොඩ බණ්ඩාර මහතා, ආරාධිත අමුත්තෝ,සිසු සිසුවියෝ,මවුපියෝ   ඇතුළු ප්‍රදේශවාසිහු රුසක් සහභාගි වූහ.


(කල්තොට-බුදුගල සෝමරතන හිමි)  

දින පොත