ක්‍රීඩා පුවත්

පීතර හා ජෝශප් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

2019 අප්‍රේල් 02 වැනි අඟහරුවාදා - 13  

අන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත. ඒ එම කාණ්ඩයන්හි පසුගිය සතිය දක්වාම ඉදිරියෙන් පසුවූ කොළඹ රාජකීය හා කොළඹ ඉසිපතන දෙවිදුහල් අබිබවමිනි. 1 ඒ හා 2 ඒ යනුවෙන් කොටස දෙකකින් යුක්තව මෙම තරගාවලිය පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම මේ වන විට තරග 05කට සහභාගි වී ඇත.

එහිදී බම්බලපිටිය ශා. පීතර විදුහල 1 ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගෙන ඇත්තේ තරග පහෙන් හතරක් ජයගනිමිනි. ඒ කොටසේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ප්‍රතිවාදීන්ගෙන් උදුරා ගත් කණ්ඩායමද වන ශා. පීතර සහභාගි වූ තරග 05දී ලකුණු 162 ක් ලබාගෙන ඇත්තේ සමස්ත ප්‍රසාද ලකුණු23ක් හිමිකර ගනිමිනි.  එහි දෙවැනි ස්ථානය කොළඹ රාජකීය විදුහල විසින් දිනාගෙන ඇත්තේ තරග 04ක් ජයගෙන ප්‍රසාද ලකුණු 23ක්හිමිකර ගනිමිනි. තරග තුනක් ජයගත් ගල්කිස්ස ශා. තෝමස් විදුහල ප්‍රසාද ලකුණු 19ක් හිමිකර ගනිමින් මෙහි තෙවැනි ස්ථානයට පත්වී ඇත.

මෙම සටහනේ සිව්වැනි හා පස්වැනි ස්ථානයන්, තරග දෙක බැගින් ජයගත් බොරැල්ල වෙස්ලි (ප්‍ර.ල 14) හා මහනුවර කිංග්ස්වුඩ් (ප්‍ර.ල. 13) කණ්ඩායම්වලට පිළිවෙලින් හිමිවී ඇත. මේ දක්වා කිසිදු තරගයක් ජය නොගත් කුරුණෑගල මලියදේව විදුහල (ප්‍ර.ල. 0)මෙහි අවසන් ස්ථානයට පත්වී ඇත.

මේ අතර  2 ඒ කාණ්ඩයේ  පෙරමුණ හිමිකරගෙන සිටින මරදාන ශා. ජෝශප් විදුහල ප්‍රසාද ලකුණු 28ක් හිමිකරගෙන සිටින්නේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි. එහි දෙවැනි ස්ථානය තරග හතරක් ජයගත් කොළඹ ඉසිපතන විදුහලට හිමිවී ඇත. තරගාවලියේ මේ දක්වා ප්‍රතිවාදීන්ට අවම ලකුණු ප්‍රමාණයක් (ලකුණු 50) ලබාදුන් ඉසිපතන විදුහල එහිදී ප්‍රසාද ලකුණු 24ක් හිමිකරගෙන ඇත.

මෙහි තෙවැනි ස්ථානය ප්‍ර.ල. 17ක් හිමිකර ගත් මහනුවර ත්‍රිත්ව විදුහලට (තරග 3ක් ජය ගනිමින්) හිමිවීඇත.  ප්‍ර.ල. 12ක් ලබාගත් ගල්කිස්ස විද්‍යා විදුහලත් (තරග 2 ක් ජයගනිමින් ), ප්‍ර.ල. 6ක් හිමිකර ගත් මහනුවර ශා. අන්තෝනි (එක් තරගයක් ජයගනිමින්)විදුහලත් පිළිවෙලින් මෙහි සිව්වැනි හා පස්වැනි ස්ථානයන්ට හිමිකම් කියයි.

මෙම සටහනේ අවසන් ස්ථානය කිසිදු තරගයක් ජයනොගත් (ප්‍ර.ල. 0) මරදාන සහිරා විදුහලට හිමිවී ඇත.

 

 

 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...