ලොව වටා

ලංකාවේ මෑත යුගයේ ප්‍රමුඛ චිත්‍ර ශිල්පියෝ

2019 අප්‍රේල් 04 වැනි බ්‍රහස්පතින්දා - 202  

එම්. සාර්ලිස්


උපත - 1880
සම්ප්‍රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - සිදුහත් උපත, සරණ මංගල්‍යය, කේස ජේදනය, මහමායා දේවියගේ සිහිනය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, කොළඹ ඉසිපතනාරාමය

 
මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර


උපත - 1883 ගාල්ල දොඩන්දූවේදී
මාධ්‍ය - තෙල් සායම්, දිය සායම්, පැස්ටල්
කීර්තියට පත් නිර්මාණ - වඩුවාගේ ගෙදර, යකැදුරාගේ දියණිය
සමු ගැන්ම - 1983 දී

ඩේවිඩ් පේන්ටර්


උපත - 1900 දී ඉන්දියාවේ ඇල්මෝරාහිදී
කීර්තියට පත් නිර්මාණ - ජයග්‍රාහී ලෙස ජෙරැසලමට ඇතුළු වීම, යහපත් සමරිකානුවා
සිතුවම් අඳින ලද ස්ථාන - මහනුවර ත්‍රිත්ව දෙව් මැදුර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දෙව්මැදුර
සමු ගැන්ම - 1975 දී

ජේ. ඩී. ඒ. පෙරේරා


උපත - 1897 ගම්පහ පහළගමදී
ප්‍රකට නිර්මාණ - නළඟන 
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍ය නිෂ්පාදනයට, සිතුවම්කරණයට
සමු ගැන්ම - 1967 සැප්තැම්බර් 7

සෝලියස් මැන්දිස්


උපත - 1897 ඔක්තෝබර් 6 
හලාවත මාදම්පේ
සම්ප්‍රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - හේමමාලා හා දන්ත කුමරැ දන්ත ධාතුව වැඩමවීම, ශ්‍රී මහා බෝධිය වැඩමවීම
සිතුවම් අඳින ලද විහාරස්ථාන - නව කැලණි විහාරය
සමු ගැන්ම - 1975 සැප්තැම්බර් 02

සෝමබන්දු විද්‍යාපති


උපත - 1923 මාර්තු 23 පන්නිපිටියේදී
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍යානුසාර ඇඳුම් පැලඳුම් නිර්මාණයට, සිතුවම්කරණයට, මූර්ති නිර්මාණය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - බෙල්ලන්විල රජ මහා විහාරය
සුප්‍රකට සිතුවම් - සිදුහත් යසෝදරා සරණ මංගල්‍යය, සතර පෙර නිමිති දැකීම, මාර පරාජය

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...