ස්ථාන

රිටිගල රක්ෂිතය

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 66  

ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සිය දහස් ගණන් අතීත උරැම අතුරින් සංස්කෘතිමය හා ස්වාභාවික උරැම අතරට ගැනෙන ස්ථානයකි රිටිගල. කඳු මුදුන් හතකින් සමන්විත මෙය අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍ර ‍ෙද්ශයට හා කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව පිහිටා ඇත. 
භු ලක්ෂණ
රිටිගල කඳු පංතිය හෙක්ටයාර1528 ක් පුරා විහිදී ඇත. පර්වතයේ උසම ස්ථානය මීටර් 765 ක් පමණ වෙතැයි වාර්තා වේ. කඳු හතකින් සැදි නිසා එහි ස්ථානවල විවිධත්වයකුත් විවිධ දේශගුණික කලාප කිහිපයක ලක්ෂණත් දැකගත හැකිය. 
රිටිගල රක්ෂිත වනාන්තරයේදී දුර්ලභ ගණයේ වෘක්ෂලතා මෙන්ම දුර්ලභ ඖෂධ පැළෑටිද දැකගත හැකිය. වන අලින්, ගෝනුන්, මුවන්, වලිකුකුළන්, මොනරැන්, දිවියන් බහුලව දැකිය හැකිය. 

ජනප්‍රවාදගත තොරතුරු
රිටිගල ඉතිහාසය ගැන ජනප්‍රවාදගත තොරතුරැ මෙන්ම මුලාශ්‍ර ගත තොරතොරැද විශාල ප්‍රමාණයක් පවතී. රාමායනය කතා පුවතේ සඳහන් ආකාරයට රාමගේ බලසොහොයුරැ ලක්ෂ්මණ යුදබිමේදී වූ තුවාලවලට ප්‍රතිකාර වශයෙන් හිමාලයෙන් ඖෂධ රුගෙන පැමිණි හනුමන් අතින් වැටුණු පර්වත කොටසක් සේ රිටිගල සැලකීම ඒ අතර එක් ජනප්‍රවාදයකි. 
පණ්ඩුකාභය අවධියේ පටන් බලසම්පන්න යක්ෂයන් රිටිගල වාසය කළ බවත්, ගොඨයිම්බර යෝධයා හා ජයසේන අතර සටන සිදු වූ ස්ථානය වශයෙන්ද රිටිගල ජනප්‍රවාදවල සඳහන් වේ. 
රිටිගල ක්‍රිස්තු පූර්ව අවධියේ පටන් භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථානයක් වශයෙන් පැවති බවට උන් වහන්සේලා භාවිතා කළ ලෙන් පද්ධතිය සාක්ෂි සපයයි. මෙම ලෙන් කටාරම් කොටා නිමවා ඇත. ලෙන් අසලම එම ලෙන් භික්ෂුන් උදෙසා පුජා කළ බවට සඳහන් ශිලා ලේඛනද දැකගත හැකිය. 


උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැශිරැ තරංග
තොරතුරැ - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි

දින පොත