අලුත් පොත්

මහනුවර ධර්මරා‍ජයේ “ධම්රද” කලා උෙලළ දා

2019 මැයි 03 වැනි සිකුරාදා - 44  

මහනුවර  ධර්මරාජ විද්‍යාලයේ සිසු දරැවන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන “ධම්රද”  කලා මහෝත්සවය 24 වැනි වරටත්  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකිර්ති මහතාගේ  ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
මෙවර කලා  උලෙළේදී කලාකරැවන් රුසකට  සම්මාන හිමිවූ අතර කලා කේෂත්‍රයේ හා ජනමාධ්‍ය කේෂත්‍රයේ  ප්‍රවීණයන් වන අනුලා කරැණාතිලක, ඒරානන්ද හෙට්ටිආරච්චි, වසන්තා තිලකාන්ගනී, කුසල සමරවික්‍රම, සහ අනෝජ කරැණාරත්න යන මහත්ම මහත්මීහු සම්මානයට පාත්‍රවූහ.
එමෙන්ම විද්‍යාලයේ සිසුන් වන ඒ.ටී. රණතුංග (චිත්‍ර අංශය) ඇස්.ඇම්.සී.බී. සමරකෝන්(සිංහල සාහිත්‍ය අංශය) පැතුම් අභිෂේක(නාට්‍ය හා රංග කලාව) වෙනුවෙන් ධර්මරාජ විශිෂ්ට ප්‍රසාද සම්මානයෙන් පිදුම් ලැබූහ. ධර්මරාජ විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ මගපෙන්වීම මත විද්‍යාලයේ සාහිත්‍ය හා කලා පදනම විසින් උලෙළ සංවිධානය කරනු ලැබිණි.


(සුමති කුඩලිගම)

දින පොත